• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරවල් කැඩිලා! හයිවේ එකේ අනතුරු ! අලි නාවන වළවල්! යන එන මං නැති කළේ කවුද? Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාරවල් කැඩිලා! හයිවේ එකේ අනතුරු ! අලි නාවන වළවල්! යන එන මං නැති කළේ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මොනවා නැතත් පාරවල් නම් හොඳයි. ඉස්සර අපි කිව්ව එක කතාවක් ඒක. මහින්දගේ ආණ්ඩුවට කිව්වා මහින්දලා හොරකම් නම් කළා තමයි ඒ වුණාට පාරවල් ටික හැදුවා කියලා. ඇත්තටම මහින්දලා පාරවල් හැදුවද? ඇත්තටම දැන් පාරවල් ටික හොඳයිද? ලංකාවේ වටේම යන මිනිහෙක් විදියට මට දැන් නම් කියන්න තියෙන්නේ ලංකාවේ පාරවල්වලින් 90%ක්ම දැන් සත පහකට වැඩක් නෑ කියලා. නම් කරලා කියන්න පුළුවන් ඕනෙ නම්. කොළඹ ඉඳලා උඩවලව පැත්තට, වැල්ලවාය පැත්තට, මොනරාගල පැත්තට යනකොට මාර්ග පද්ධතිය සත පහකට වැඩක් නෑ. ඒ වගේම කොළඹ ඉඳලා මිනුවන්ගොඩ පැත්තට යන පාරේ බොහෝ තැන්වල ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව අතුරු පාරවල් ගැන නම් කතා කරන්න දෙයක් නෑ. හයිවේ එකේ වළවල් හෑරිලා යන්න බැරි තැනට තාම පත්වෙලා නැති වුණාට, පාරේ තියෙන ගැටි, පාරේ තියෙන හැඩතල හින්දා වාහනේ නවත්තලා බලන්න හිතෙනවා කොට්ටාවෙන් හයිවේ එකට දාපු ගමන් වාහනේ අවුලක්ද කියලා. කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගයත් අපි හිතන විදියට ටිකක් ගැටලුසහගතයි. Sri Lanka Latest News

මේ විදියට මාර්ග පද්ධතිය දවසින් දවස අවුල් වෙලා ලොකු අර්බුදයක් බවට පත්වෙමින් යනවා රටේ. ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද මාර්ග පද්ධතියක් රටක අවුල් වුණාම ඒ රටේ සාමාන්‍ය ජන ජීවිතය දරුණු විදියට කඩාවැටෙනවා. අනිත් කාරණය වෙන්නේ ලංකාවේ පාරවල්වල දුවන වාහනවලින් 90%ක් ඉතාම පරණ වාහන. සාමාන්‍යයෙන් අද අලුත් තත්ත්වයේ වාහන විදියට ඉතාම හොඳ තත්ත්වයේ වාහන යැයි හිතාගෙන අපි ධාවනය කරන වාහනත් අවුරුදු 15කට එහා පරණ වාහන. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු 10කට මෙහා අලුත් වාහන තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒකෙනුත් නිෂ්පාදිත වර්ෂයේ ඉඳලා අවුරුදු 5ක් ඇතුළත වාහන තියෙන්නේ නම් හරිම සීමිත ප්‍රමාණයක්. ඉතින් මේවත් එක්ක වාහනවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. වාහන අමතර කොටස්වල මිල අධික වීම් හින්දා මිනිස්සු වාහන මිලට ගත්තට ඒ වාහනවල අමතර කොටස් වගේ දේවල් හොයාගෙන ගිහිල්ලා මිලදී ගැනීමෙත් යම් අඩුවක් අපි දකිනවා. මේ තත්ත්වයත් එක්ක රට කොච්චර භයානක සහ අර්බුදකාරී තත්ත්වයකට යමින් ඉන්නවද කියන එක අපිට පේනවා.

මේ පාරවල් හැදුවේ නැද්ද ඇත්තටම මහින්දගේ ආණ්ඩුවෙන්. නෑ, ඇත්තටම මහින්දගේ ආණ්ඩුව පාරවල් හැදුවා. පාරවල් ඉතා ඉහළ මට්ටමින් හැදුවා. අපි දකිනවා හම්බන්තොට පැත්තේ යනකොට නියරවල් පවා තියෙන්නේ කාපට් දාලා. සුදු ඉරි ඇඳලා. වෙනම ලෙවල් එකකට ලංකාවේ මාර්ග පද්ධතිය අරගෙන එන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කළා. ඒ ගෞරවය ඒගොල්ලන්ට දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලේ මේ මාර්ග හැදෙව්වේ හරි ප්‍රමිතියටද කියන එක. කොන්ක්‍රීට් කරපු පාරවල්වලින් 97%ක් 98%ක් විතරම කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. ඒ පාරවල්වල බයිසිකලයක් තියා පයින්වත් යන්න බැරි තරමට කොන්ක්‍රීට් පාරවල් විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඒවා ආයෙත් හදන්න පුළුවන්ද? ඒවා නවීකරණය කරන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා හිතන්න බැරි තරමට ඉස්සර තිබිච්ච ගුරු පාර දැන් විනාශ වෙලා ගිහිල්ලා. ඒ නිසා අතුරු පාරවල් නම් ගන්න දෙයක් නෑ. කොන්ක්‍රීට් දාපු පාරවල්වලින් වැඩි ප්‍රමාණයක් කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. ඒකට හේතුව ප්‍රමිතියකින් තොරව කොන්ක්‍රීට් දැමීම කියන එක අපිට පැහැදිලියි. ගල් අල්ලපු පාරවල්වලින් එහෙන් මෙහෙන් ගල් උඩට ඇවිල්ලා. ෆුට් සයිකලයක්වත් යන්න බෑ. අවම ප්‍රමාණයේ වාහනයක් විදියට යන්න පුළුවන් ෆුට් සයිකලයක. යතුරුපැදියක ගියත් සමහර වෙලාවට විශාල අනතුරු වෙලා ජීවිත හානි පවා සිදුවෙන්න පුළුවන්. මේක හරිම භයානක සහ නරක තත්ත්වයක්. රටක් විදියට ගත්තම රටක මාර්ග පද්ධතිය අවශ්‍යයි මිනිස්සුන්ට එහා මෙහා යන්න, වෙලාව ඉතුරු කරගන්න, තමන්ගේ වැඩකටයුතු ටික පහසුවෙන් කරගන්න, මේ හැම දේටම.

එතකොට කාපට් දාපු පාරවල්වලට මොකද වෙලා තියෙන්නේ? කාපට් එක ප්‍රමිතියෙන් තොරයි. ඒක අංක එක. ඊළඟ කාරණාව තමයි කාපට් ප්‍රමිතියෙන් යුක්ත හෝ ප්‍රමිතියෙන් තොර හෝ මේවා නඩත්තු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ලංකාවේ. මාර්ග පද්ධතියක් ඇතිකරලා, ඒවා හොඳින් පවත්වාගෙන යන්න හොඳ නඩත්තු කිරීමක් අවශ්‍යයි. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත කිසිම ආකාරයකින් මාර්ග පද්ධතිය නඩත්තු කළේ නෑ. වළක් හෑරෙනකොට ඒකට පැලැස්තරයක් දාන එකයි, කාපට් එකේ රැලි යනකොට ඒක උඩින් ඉරි ඉරි හිටින විදියට තාර පත්කරන එක නෙවෙයි කරන්න ඕනේ. කැඩෙන්න කලින් විනාශ වෙන්න කලින් මේ පාරවල් නවීකරණය කරන්න අවශ්‍ය තත්ත්වයට පත්වෙන්න කලින් නඩත්තු නොකිරීම. ඒ වගේම පාරවල් හැදුවට පාරවල්වල වතුර බහින එක සම්බන්ධව සැලසුමක් හදලා නැති එක. ඒ වගේම මාර්ග පද්ධතියට සමාන්තරව ජල නළ එළීමේ කාර්යභාරයට සමපාතව මේ වැඩ නොකිරීම. පාර හදලා ඉවර වෙලා මාසෙකින් පාර කඩලා ජල නළ එළනවා. ජල නළ එළපු කට්ටිය කාපට් එකට එහාපැත්තෙන් තව තාර ගැට්ටක් දානවා. වාහන හැම එකක්ම ජල නළ එළීමෙන් පස්සේ හදපු කොටසේ යන්න බැරි තරමටම අවුල් වෙලා හින්දා ඒකට මෙහා පැත්තෙන් පාර මැද්දේ තියාගෙන වාහන ධාවනය කරනවා.

ඊළඟ දේ තමයි පාරවල් හැදුවට පාරවල්වල අයින් හදලා නැති එක. පාර හදලා තාර ගැටි තියෙනවා සමහර තැන්වල අඩියකට වඩා උසට. ඒ ගැට්ට ඇති වාහනයක් වැදිලා අනිත් පැත්තට පෙරළෙන්න. මෙන්න මේ පාර හදලා පාරේ අයිනත් හදනවා නම් අඩුම තරමේ පස් ටිකක් දාලා කොන්ක්‍රීට් ටිකක් දාලා යන්න පුළුවන් විදියට හදනවා නම් මාර්ග සකස් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි. නමුත් අවාසනාවකට ලංකාවේ පාරවල් හදනවා කියලා හදලා තියෙන්නේ පාර විතරයි. පාර අයිනේ තියෙන්නේ අඩියක විතර ගැට්ටක්. ලංකාවේ ධාවනය කරන සාමාන්‍ය වාහනයකත් යට වදිනවා. විශාල අනතුරු වෙනවා. බයිසිකල් වගේ ඒවා නම් පෙරළෙනවා මේ වගේ තැන්වලදී. ඒ නිසා මේක නෙවෙයි රටක මාර්ග පද්ධතියක් දියුණු කරද්දී වෙන්න ඕනේ දේවල් ටික. රටක පාරවල් ටික හරියට නැත්නම් ඒ රට සංවර්ධනය කරන්න බෑ. මිනිස්සු බඩු ටික මිලදී ගන්න එන්නේ නෑ. මිනිස්සු ඒ පාරවල්වල එහෙ මෙහෙ යන්න කැමැති නෑ. මොකද ඒ සඳහා ගතවෙන්නේ මිනිස්සුන්ගේ කාලය. ඒ නිසා පාරවල් ටික හරියට හදාගන්න බැරුව නම් රටක් කරන්න බෑ කියන එක අපට පැහැදිලියි. පාරවල්වල යන අපිට තේරෙනවා මේ පාරවල් තව අවුරුදු දෙකක් තුනක් යද්දී නම් ගන්නම දෙයක් නැති තැනට පත්වෙනවා කියලා. රටේ කොහෙවත් යන්න බැරි තැනට පාරවල් පත්වෙන්න කලින්, මේ ගැන ටිකක් අවධානය යොමුකරන්න කියලා අපි බලවත් වගකිව යුතු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වෙයි! හේතුව ගැන තොරතුරක් දැනගන්න නෑ!  I Sri Lanka Latest News

Next Post

පොලිස් කොමිසම මේ පාර අනුමැතිය දෙයි! වහාම ක්‍රියාත්මක වන පරිදි OICලා 28ක් මාරු!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.