• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකුරු නං ගං සලකුණු මාරුවෙන ඡන්දෙ දාන්නේ බලාගෙන! Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අකුරු නං ගං සලකුණු මාරුවෙන ඡන්දෙ දාන්නේ බලාගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
එළඹෙන ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. මේ තමයි ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී අපිට මුණගැහුණු දිගම ඡන්ද පත්‍රිකාව සහිත ජනාධිපතිවරණය. ඡන්ද පත්‍රිකාවේ නම් ලැයිස්තුව 39ක් තෙක් දිග බව තමයි අපි අසා තිබෙන්නේ. ඒ නිසා මෙම ලැයිස්තුව ගැන අපිට අනවශ්‍ය විදියට කියන්න බෑ. නම් ගම් ලැයිස්තු කියන්න අවශ්‍යත් නෑ. මොකද අපි හිතනවා එහෙම කියන්න ගියාම ඒක යම් දේශපාලනික කටයුත්තක් වෙනවා කියලා. නම් ලැයිස්තුවේ ඉන්නේ කවුද කියලා කියන එක අපේ වගකීමක් නෙවෙයි. හැබැයි අපි මේ කියන්න හදන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙන්න මේ නම් ලැයිස්තුවල ඇතිවෙච්ච පටලැවිලි ගැන. ඒ පටලැවිලි කීපයක් ගැන අපි කතාකරන්න ඕනේ. ඉතිහාසයේ මේ වගේ පටලැවිලි ඇති. හැබැයි අපි දන්න පටලැවිල්ල ගැන ඉස්සෙල්ලම කියන්නම්. (Sri Lanka Latest News)

මම හිතන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ හැම වෙලාවකම අපේ රටේ සිද්ධ වෙන දෙයක් තමයි එක නම තියෙන, නැත්නම් නම අග සමාන වෙන, ඡන්ද ලකුණු සමාන වෙන කීප දෙනෙක්ව මැතිවරණයට හිතාමතාම ඉදිරිපත් කරන එක. එහෙම ඉදිරිපත් කළාම අපි දන්නවා බොහෝ වෙලාවට පැටලිලා වෙන කෙනෙක්ට දෙන්න තියෙන ඡන්දේ තව කෙනෙක්ට දෙන එක. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් ඉදිරියෙන්ම හිටියේ දෙන්නයි. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් වුණේ සමගි ජන බලවේගය නියෝජනය කරපු සජිත් ප්‍රේමදාස. අනිත් පැත්තේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඒ ලැයිස්තුවෙත් ගෝඨාභය රාජපක්ෂට අමතරව තව රාජපක්ෂ කෙනෙක් හිටියා. ඒ නාමල් රාජපක්ෂ. එයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ඥාති පුත්‍රයාවත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුත්‍රයාවත් නෙවෙයි. ඔහු අපි දන්න විදියට නීතිඥවරයෙක්. ඔහු මේ ලැයිස්තුවට නම ඉදිරිපත් කරලා තිබුණා.

සජිත් ප්‍රේමදාස වෙනුවට නම් ඇත්තටම අපිට මේ ලැයිස්තුව ඇතුළේ වෙනත් ප්‍රේමදාස කෙනෙක්ව දකින්න ලැබුණේ නෑ. නමුත් ඒ හා සමාන ළඟින් යන නම් තියෙන කීප දෙනෙක් මේකට ඉදිරිපත් වෙන බව අපි දැක්කා. නමුත් ප්‍රේමදාස කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා මේ තියෙන ලැයිස්තුව ඒ තරම් විශේෂ වෙන්නේ නෑ.

දිසානායකලා නම් කීපදෙනෙක් අපිට මුණගැහුණා එතැනදී. අනුර කුමාර දිසානායක සහ ආරියවංශ දිසානායක කියන දෙන්නම ඡන්දේ ඉල්ලලා තිබුණා. ආරියවංශ දිසානායකත් 34,537ක් ලබාගෙන තිබුණා. ආරියවංශ දිසානායක 34,537 ලබාගැනීමේදී ඔහු කැපීපෙනෙන ඉදිරියකින් හිටිය අපේක්ෂකයකු බව අපිට හඳුනාගන්න පුළුවන්. ඔහු ලබාගෙන තිබුණු ඡන්ද ප්‍රමාණය සාමාන්‍ය ප්‍රතිඵලයත් එක්ක ගත්තම 0.26%ක්. එහෙම ගන්නේ අනුර කුමාර දිසානායක 3.16%ක් ගනිද්දී. අනිත් අය බොහෝ දෙනෙක් 0.06%යි, 0.02%යි වගේ ප්‍රතිඵල ගනිද්දී තමයි ඔහු මේ විශේෂ ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නේ. අපි බොහෝ විට විශ්වාස කරනවා මේක මේ පැටලුම්සහගත තත්ත්වයක් කියලා.
ඒ වගේම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂගේ නමට පහළින් ඉන්නවා නාමල් රාජපක්ෂ. ඔහු ඡන්ද 9,497ක් අරගෙන තිබුණා. ඔහු නම් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් නෙවෙයි. මේකේ රසවත්ම මැතිවරණ අවස්ථාව තමයි 2015 ජනාධිපතිවරණය. 2015 ජනාධිපතිවරණය ඔබට මතක ඇති හරිම තීරණාත්මක ජනාධිපතිවරණයක්. මේකට එක එක ජාතියේ උපක්‍රම පාවිච්චි කළා. මෙතැනදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සනිටුහන් වෙච්ච ජනාධිපතිවරණය විදියටයි හඳුන්වන්නේ. ඔහු ඡන්ද 62,17,162ක් ලබාගන්නවා. 51.26%ක ප්‍රතිශතයක් සහිතව. මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණයේදී පරාජිත අපේක්ෂකයා ලෙස 57,68090ක ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නවා. මෙහි ඇති විශේෂත්වය වුණේ කිසිදු තුන්වැනි අපේක්ෂකයෙක් මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව නොසිටීම.

තුන්වැනි අපේක්ෂකයකු ලෙස කිසිවකු ඉදිරිපත්ව නොසිටීම නිසා මේ ජනාධිපතිවරණයේදී පැහැදිලිවම ජයග්‍රහණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තීරණය වුණු එකක් බවට පත්වුණා. මෙතැනදී 1%ක්වත් ලබාගැනීමට වෙනත් කිසිදු අපේක්ෂකයකුට හැකියාව ලැබෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන කිසිවෙක් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් විශේෂත්වය වෙන්නේ මේ ජනාධිපතිවරණයේ පළමු තැනට මෛත්‍රීපාල සිරිසේන පැමිණෙනකොට තුන්වැනි තැනට පත්වෙන්න සමත් වෙනවා තවත් සිරිසේන කෙනෙක්. ඒ, ආරච්චිගේ රත්නායක සිරිසේන. ඔහු සම්පූර්ණයෙන්ම මේ ඡන්දය සඳහා ඉදිරිපත් කරපු ඩමියක්. නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ සරසලා ඒ විදියටම ඉදිරිපත් කරපු කෙනෙක්. ඔහු තුන්වැනි තැනට පත්වෙනවා ලංකාවේ. ඡන්ද 18,174ක් ලබාගනිමින්. හැබැයි ඔහුව දන්න 18,000ක් ලංකාවේ හිටියා කියන එක අපට විශ්වාස කරන්නත් බෑ. ඒ තරමටම මේක පුදුමාකාර අදහන්න බැරි තත්ත්වයක්.

ඒ වගේම නාමල් රාජපක්ෂ සිවුවැනි තැනට පත්වෙනවා. රාජපක්ෂවරුන්ගේ නම හා සමාන නමක් ඔහුට තියෙන්නේ. ඔහු ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ දුරකතනය ලකුණෙන්. අද සමගි ජන බලවේගය භාවිත කරන ලකුණෙන් තමයි ඔහු එදා ඉදිරිපත් වෙන්නේ. ඒ වෙලාවේ ඔහු ඡන්ද 15,726ක් අරගෙන ඔහු සිවුවැනි තැනට පත්වෙනවා. ඒ 15,726 දෙනාම ඔහුව නොදන්නා බව පැහැදිලියි. ඉතින් ඒ නිසා මේ වෙන්නේ අපි නොහිතන විදියේ අමුතු පටලැවිල්ලක්. ජනාධිපතිවරණ ඉතිහාසයේ නමගිය අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ දුමින්ද නාගමුව. දුමින්ද නාගමුවට ඡන්ද 9,941යි ලබාගන්න පුළුවන් වුණේ. නමුත් මේ කිසි කෙනෙක් දන්නේ නැති අපේක්ෂකයෝ දෙන්නා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ ඡන්ද ඉතිහාසයේදී මේ විදියට නම්ගම් පටලැවිලි, ඡන්ද ලකුණු පටලැවිලි, අලියා, හංසයා සහ රාජාලියා පැටලුණු අවස්ථා විවිධාකාරයෙන් තියෙනවා. මේ වතාවෙත් නාමල් රාජපක්ෂලාම දෙන්නෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක තමයි විශේෂත්වය. මෙච්චර දවස් වෙන වෙන රාජපක්ෂලාට නාමල් රාජපක්ෂ පැටලුණා නම්, මෙවර මේ රාජපක්ෂ නම් එක්ක මොන විදියේ පටලැවිල්ලක් වෙයිද කියන එක අපිට හිතාගන්නත් බෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී සිහිකල්පනාවෙන් පටලාගන්නේ නැතුව ඡන්ද ටික හරියට දාන්න කියන එක තමයි ඔබට මතක් කරන්න තියෙන්නේ, ඔබේ මනාපය අමනාපයක් බවට පත්කරගන්නේ නැතුව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පක්ෂය දාලා ගිය අයව ආපහු පක්ෂයට ගන්නවාද? නාමල් කන පැලෙන්නම දීපු උත්තරේ! මහින්දගේ සැලුන් දොරට නාමල් කරන්න යන දේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශපාලන කප්පම් ලෙස මැති ඇමැතිලාට දුන්න බාර් ටික ඉවරයි! 22 දිවුරුම් දීලා ඉස්සෙල්ලාම වෙන්නේ රට පුරා දුන්නු හොර බාර් ලයිසන් අහෝසි කරන එකයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.