දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම මඟින් ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැකි බවයි.
“මේ නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්වෙමින් පවතිනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට, දුෂ්කර ප්‍රදේශවලට යනකොට මේ තත්ත්වය බරපතළ තත්ත්වයක් බවට පත්වෙමින් තියෙනවා. එහිදී ළිං, නළ ළිං ආදිය මේ නියං තත්ත්වය සමග සිඳීයෑම නිසා ජනතාවට පානීය ජලය සොයාගැනීම දැඩි දුෂ්කරතාවයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා තිබෙන ජල මුලාශ්‍රවලින් ජලය සපයා ගන්න ඔවුන් උත්සාහ කරනවා. එහිදි ඒ ජල මුලාශ්‍රවල යම් යම් අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ජල මුලාශ්‍රවලින් මේ ජනතාව ජලය භාවිත කරන විට පාචනය හා අතීසාරය වැනි රෝග තත්ත්වයන් මතුවීමේ යම් අවදානමක් තියෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ පානය කරන ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් තියෙනවා නම් අඩුම තරමේ ඒ ජලය උණුකර නිවා පානය කරන්න” යැයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
A5 News Sri Lanka










