ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා තෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
ඒ, ඔහුට අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවය.
එහිදී රහස් පොලිසිය ඉදිරිපිටදී පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවනු දැකගන්නට ලැබිණ.