මහත් ආන්දෝලනයට තුඩු දී සිටින ලංකාවේ ප්‍රධාන පෙළේ සහල් මුදලාලිලා දෙදෙනා වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන සහ රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර යන මහත්වරුන් මේ වනවිට සහල් විකුණා උපයාගත් මුදලින් නව හෙලිකොප්ටර් යානා දෙකක් මිලදී ගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා නව හෙලිකොප්ටරයක් ගැනීමට සූදානම් වන්නේ සිය පෞද්ගලික පාවිච්චිය සඳහා බව දැනගන්නට ඇත.
නමුත් මිත්‍රපාල ලංකේෂ්වර මහතා දැනටමත් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් පවත්වාගෙන යන අතර, ව්‍යාපාරික අරමුණු මත ඊට තවත් හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීමට ඒ මහතා සැලසුම් කර ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව ලංකේෂ්වර මහතා පසුගියදා සිංගප්පූරුවේ පැවැති හෙලිකොප්ටර් ප්‍රදර්ශනයක් නැරඹීමට පවා ගොස් තිබිණි.
මේ දෙදෙනාගෙන් ඩඩ්ලි සිරිසේන මහතා මීට සති කීපයකට ඉහතදී රුපියල් කෝටි 25කට අධික මුදලක් වැයකරමින් අධිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් මෝටර් රථයක් පවා මිලදී ගැනීමට කටයුතු කොට තිබිණි.
එමෙන්ම පසුගියදා ඩඩ්ලි සිරිසේන මහතා ආණ්ඩුව විවේචනය කිරීමට කටයුතු නොකරන ලෙස ඉල්ලමින් විපක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමටද කටයුතු කළේය.










