කොළඹ ඩාලි පාරේ පිහිටි අක්කරයකුත් පර්චස් 26.5ක ඉඩමක් එවක හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම මත විකුණා දමා ඇති බවට හැගවෙන පරිදි රටට කීමට කෝප් කමිටුවේ සාමාජිකයන් කටයුතු කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
මෙය සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට සැලසුම් සහගතව එල්ල කළ මඩ ප්‍රහාරයක් බව ඒ මහතා කීය.
මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් නිසි පරිදි දැනුවත් කොට නොතිබූ බවත්, එසේ කර තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු හෙළි කිරීමට ඉඩ තිබූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම හුවා දක්වන සිදුවීමට අදාළ ඉඩම නිවාස ව්‍යාපෘතියක් සදහා ඉන්දියානු එල්.එන්.ටී. සමාගමට ලබා දී ඇත්තේ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රෝෆ් මැතිනිය යටතේ බවත්, වසර ගණනාවක් ගොසිනුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් 2011 අගෝස්තු 07 වැනිදා එවකට හිටපු නිවාස සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අදාළ ඉඩම එල්.එන්.ටී සමාගමට ලබා දී ඉතිරි මිලියන 712ක මුදල ලබා ගත යුතු බවට අනුමැතිය ලබා ගෙන තිබිණ.
නමුතු වීරවංශ අමාත්‍යවරයාට එම මුදල ලබා ගැනීමට හැකිව තිබුණේ නැති බව පෙන්වා දුන් මරික්කාර් මහතා සජිත් ප්‍රේමදාස මහතා කළේ 2015දී අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ මහතාට ලබා ගත නොහැකි වූ මිලියන 712ක මුදල ලබා ගැනීමේ කාර්ය පමණක් බවකි.
ඒ අනුව ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග සාකච්ජා කොට ප්‍රේමදාස මහතා එම මුදල් අධිකාරියට ලබා ගෙන අධිකාරිය යටතේ ස්ථිර තැන්පතුවක් ලෙස තබා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරියේදී නැවත වතාවක් කෝප් කමිටුවට මෙම නිලධාරීන් කැදවා සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.






















