මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස ‘පොහොට්ටුව’ පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා අද (20) සිය පත්වීම ලබාගෙන ඇත.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අතිනි.
එම පත්වීම ලබාගන්න අවස්ථාවේදී විෂය බාර රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් ද සහභාගි වී සිටියේය.
මීට ඉහතදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දැරූ රේණුක පෙරේරා අදාළ අමාත්‍යවරුන් සමඟ සේවය කළ නොහැකි තත්වයක් ඇති බව කියමින් තනතුරින් ඉල්ලා අස්විය.
ඉන් පසුව ආසන්න දිනෙකදී ඔහුව ලිට්රෝ සමාගමේ සභාපති ලෙස පත්කළත් යලි එම පත්වීම අවලංගු කර එහි සභාපති තෙෂාර ජයසිංහවම එහි සභාපති ධුරයේ රඳවනු ලැබීය.
මිල්කෝ ආයතනයේ මෙතෙක් සභාපති ධුරය දැරුවේ ලසන්ත වික්‍රමසිංහ මහතාය.
ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඊයේ (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණ.
ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවූ ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන් දැනගත්තේද මාධ්‍ය හරහා බවයි.










