මේ පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ පෝස්ටුවක තිබූ සංවේදී සටහනක්!
නෝනාවරුනි මහත්වරුනි, තට්ටු ගෙවල්පුංචි වලව්ව ආදී ටෙලි නාට්‍ය තුලින් අපේ මතකයෙ රැදුනු ඒ අපූරු රංගන ශිල්පියා ඔබට තවමත් මතකයේ ඇති.
සිනමාවේ අති දක්ශ රංගන ශිල්පියෙක් වූ ඔහු මෑත කාලයේ අපිට දකින්නට ලැබුනේ නෑ.
සිනමාවට,පුංචි තිරයට මහගු මෙහෙවරක් කල ඔහු, අද වන විට ඉතා අසරණව කොළඹ ජාතික රෝහලේ ICU හි ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අමතර ප්‍රතිකාර කටයුතු සදහා ද විශාල මුදලක් වැයවෙන අතර මේ දක්වා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට හා සොයාබැලීමට කිසිදු කලා සංගමයක් හෝ කිසිවෙක් ඉදිරිපත් වී නොමැති අතර, ඔහු වෙනුවෙන් ඔහුට උදව් කිරීමට කැමති හා අදාල පාර්ශව දැනුවත් වීම සදහා මෙම සටහන තබමි.
වැඩි විස්තර සදහා ඔහුගේ පුතුනුවන් මෙම අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැක. 0770265705 (ඉසුරුවර ගුණවර්ධන)










