• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2021 හත්වැනි මාසේ හත්වැනිදා අනුර පාර්ලිමේන්තුවේදී කියපු කතාව මතකද? අද අනුරටත් ඒකම ඕන වෙලාද? මාධ්‍ය තහනම් කරනවා තියා හිතන්නවත් එපා! අබසරණයි තමයි! VIDEO I Sri Lanka Latest News

December 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ ද පැවැසීය,Sri Lanka Latest News

‘‘ජාතික ජනබලවේග රජය තවමත් විගණකාධිපතිවරයෙකු පත් කරන්න අපොහොසත් වී තිබෙනවා. කෙසේ නමුත් විගණකාධිපතිධුරය සඳහා ජනාධිපතිවරයා පුද්ගලයෙකුගේ නමක් යෝජනා කළ යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා විගණකාධිපතිධුරය සඳහා ඔහුට හිතවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් යෝජනා කර තිබුණා. ඒ පුද්ගලයින් දෙදෙනාගේම නම් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් විගණකාධිපතිවරයෙක් පත් නොකර මේ වනවිට මාස 8 ක පමණ කාලයක් ගතවී තිබෙනවා. ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයා මෙම තනතුරට සුදුසු නැතිනම් ඔහු සුදුසු නැති හේතුව රජය ප්‍රකාශ කරන්නෙත් නැහැ.

කෙසේ නමුත් ජනවාරි මාසයෙන් පසු ව්‍යවස්ථාදායක සභාවේ සිටින සිවිල් සංවිධාන නියෝජනය කරන පුද්ගලයින් තිදෙනා 2026 දී අලුතින් පත් කළ යුතුයි. මෙම පුද්ගලයින් තිදෙනා පත් කළ යුත්තේ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයකින්. ඒ අනුව අගමැතිවරියගේ බලතල ප්‍රකාරව විපක්ෂනායකවරයාව මෙල්ල කරලා ආණ්ඩුවට හිතවත් තිදෙනෙකු පත් කර ගන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. ඒ අනුව ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකු විගණකාධිපති ලෙස පත් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා.

එසේ සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ ආණ්ඩුවේ ඇමැතිවරු යටතේ තිබෙන සංස්ථා , දෙපාර්තමේන්තු ඇතුළු ආයතන සියල්ලම විගණනය වන්නේ 2026 ජනවාරි 1 වැනිදායින් පසුවයි. ඒ වගේම රතු නිවේදන නිකුත් කර තිබියදී රට තුළට ගෙන ආ බහලුම් සිද්ධිය , ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යොදවපු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳව , විදේශ රටවලින් ලැබෙන ආධාර පිළිබඳව විගණනය වන්නේ 2026 ජනවාරි 1 වැනිදායින් පසුවයි. ඒ අනුව ආණ්ඩුව ඔවුන්ට හිතවත් පුද්ගලයෙකු විගණකාධිපතිලෙස පත්කරන්නයි මේ උත්සහ දරන්නේ. ජාතික ජනබලවේගයේ පිරිස තුළින් සිදුවන වංචා දූෂණය නාස්තිය නොහැකියාව හෙළවීම නවත්වන්නයි ආණ්ඩුව උත්සහ දරන්නේ. ඒ වගේම මීට පෙර සිටි කිසිදු රාජ්‍ය නායකයෙක් විගණකාධිපතිවරයා පත් කිරීමේදී මෙලෙස හැසිරිලා නැහැ. ඒ අනුව විගණකාධිපතිධුරයට ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකු පත් නොකර , සුදුසුකම් සහිත , උගත් බුද්ධිමත් පුද්ගලයන් තිදෙනෙක් පත් කිරීමට අගමැතිවරියට සහ විපක්ෂ නායකවරයාට විශේෂ යුතුකමක් තිබෙනවා. ඒ වගේම විගණකාධිපතිධුරය තිබෙන්නේ ජනාධිපතිවරයාගේ බල තුලනය සඳහායි. ඒ අනුව ව්‍යවස්ථාදයක සභාවට ආණ්ඩුවේ හිතවත් පිරිස් පත් කළ පසු ආණ්ඩුවේ සියලුම දුෂණ වංචා යටපත් කිරීමට හැකියාවක් තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුව තුළ වංචා දුෂණ සිදුවන්නේ නැතිනම් , අකාර්යක්ෂමතාවයක් නැතිනම් විගණනය හරියාකාරව සිදුකිරීමට සුදුසුකම් සහිත පුද්ගලයෙකුගේ නමක් විගණකාධිපතිවරය සඳහා යෝජනා කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්තමාන ව්‍යවස්ථාදායක සභාව නිසියාකාරව කටයුතු කරද්දි ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයන් තනතුරුවලට පත් කරගැනීමට ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ පිරිස වෙනස් වනතුරු මෙම කටයුත්ත ඇදගෙන යාමට ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. ඒ වගේම මෙවැනි කටයුතු වලින් ආණ්ඩුවේ වංචා දුෂණ හෙළි වෙනවා. ඒවා නවත්වන්න ආණ්ඩුව හැකියාවක් නැහැ. ආණ්ඩුවේ නිරුවත දිනෙන් දින හෙළිවන බව ආණ්ඩුව තේරුම්ගත යුතුයි.

ඒ වගේම මාධ්‍ය මර්දනය කරන්නත් ආණ්ඩුව දැන් උත්සහ කරනවා. කෙසේ නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් , මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විපක්ෂයටත් විවේඡන තිබෙනවා. නමුත් මාධ්‍යයට පෑන , කැමරාව හැසිරවීමට තිබෙන අයිතිය නැති නොකළ යුතුයි. මාධ්‍ය ආයතන විසින් පෞද්ගලික මඩ ප්‍රහාර අවලාද ගෙන යනවානම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕනෑතරම් ක්‍රම තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතනයක් වැරද්දක් සිදුකරනවානම් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට පැමිණිලි කරලා වැඩක් වෙන්නේ නැහැ. මාධ්‍ය ආයතනයක් වැරද්දක් සිදුකරනවානම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. කෙසේ නමුත් ආණ්ඩුව ඒ පිළිබඳවත් නිසි අවබෝධයක් නැහැ. ඒ වගේම මාධ්‍ය ආයතවලට අනිසි බලපෑම් කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතනවලට බලපෑම් නොකර ඔවුන්ව රැක ගන්න ආණ්ඩුව උත්සහ දරනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පමණක් තබාගෙන ආණ්ඩුව විවේඡනය කරන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන මාධ්‍ය ආයතන වහන්ද ආණ්ඩුව මේ උත්සහ දරන්නේ. ඒ නිසා මාධ්‍ය තහනම් කරන්න හිතන්නවත් එපා කියලා ආණ්ඩුවට මතක් කර දිය යුතුයි. එහෙම වුණොත් ආණ්ඩුවේ ගමන් ගම කෙටි වෙයි. ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට අසිනි බලපෑම් එල්ල කළහොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. කිසිදු මාධ්‍ය ආයතනයක් තහනම් කරන්න ආණ්ඩුව කිසිදු අයිතියක් නැහැ. යම් කිසි මාධ්‍ය ආයතනයක් වරදක් සිදුකරනවාම් ඊට විරුද්ධව නඩු පවරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

ඒ වගේම රටට බලපෑ ව්‍යසන තත්ත්වය පහව ගොස් මාසයක පමණ කාලයක් ගතවෙනවා. ඒ අනුව ආපදාවෙන් විපත පත් ජනතාවට පළමු වටයේදී රුපියල් 25,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් තවමත් ඒ මුදල් විශාල පිරිසකට ලැබිලා නැහැ. ඒ වගේම නිවාස සුද්ද පවිත්‍රකොට ජනතාවට පදිංචියට ගියාට පසු රුපියල් 50,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. ඒ මුදලත් තවම ජනතාවට ලැබිලා නැහැ. මේ කටයුත්තවත් හරියාකාරව ආණ්ඩුවට කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම නීතිගරුක යුත්තිගරුව රටක් බිහි කරන බව ජාතික ජනබලවේගය බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළා. නමුත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවෙත් මර්වින් සිල්වා , ලොහාන් රත්වත්තේ වැනි පුද්ගලයන් සිටින බව උප්පු කරලා තිබෙනවා. ඉදිරියේදී තිස්ස කුට්ටිආරච්චි වැනි පුද්ගලයන්ද ආණ්ඩුව තුළින් බලාගන්න පුලුවන්.‘‘

SendShareShare
Previous Post

සිනමාව අතහැර දේශපාලනයට පිවිසෙන තලපති විජේට නාමල්ගෙන් ලොකු පණිවුඩයක්! I Sri Lanka Latest News

Next Post

ප්‍රශංසනීය සේවයක් ඉටු කළ වෛද්‍ය ප්‍රතාප් රාමණුජම්-වෛද්‍ය අනුලා විජේසුන්දර- මහාචාර්ය දිනේශා සමරත්නගේ නිලකාලය ජනවාරියේ අවසන්! ව්‍යවස්ථාදායක සභාවට අලුතින් පත්කිරීම් කරද්දී උසස් ආචාරධර්ම සහිත-සමාජය තුළ පුළුල් පිළිගැනීමක් ඇති නියෝජිතයන් පත්කරන්න! නීතිඥ සංගමය ජනාධිපති-අගමැති-පාර්ලිමේන්තු සභානායක සහ විපක්ෂ නායකවරයාට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.