අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට (19) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. (Sri Lanka Latest News)
දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්, මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින්, හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින්, කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් සහ ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 650 ක් ද, මුංඇට කිලෝවක නව මිල රුපියල් 1100 ක් ද, හාල්මැස්සො කිලෝවක නව මිල රුපියල් 1090 ක් ද, කොත්තමල්ලි කිලෝවක නව මිල රුපියල් 540 ක් ද, ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 545 ක්ද බව සතොස වැඩිදුරටත් සඳහන් කරයි.
lankadeepa










