නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමත් සමග පසුගිය කාලයේ රට හොල්ලපු මහාපරිමාණ වංචා දූෂණ 10ක විමර්ශන යළි ආරම්භ කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර වංචාව ඇතුළුව තවත් මහපරිමාණ වංචා දූෂණ 10ක් විමර්ශනය කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී පසුගිය ආණ්ඩුවේ වසර 2ක කාලය තුළ සිදුවූ දැවැන්ත දූෂණ ගනුදෙනු කිහිපයක්ද, ඊට පෙර පැවැති ආණ්ඩුවල වංචා දූෂණ කිහිපයක්ද මේ අතර වන බව පැවසේ.
මේ වනවිටත් ඊට අදාළ පසුබිම සකස් කෙරෙමින් පවතින බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
අනුර දිසානායක මහතා මෙන්ම මාලිමාවේ නියෝජිතයන් මැතිවරණ වේදිකාවේ අවධාරණය කළ ප්‍රධාන කරුණක් වූයේ ජනාධිපතිවරණය ජයගත් සැණින් හොරුන්ට දඩුවම් කිරීමට කටයුතු කරන බවකි.
Sri Lanka Latest News










