• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කතාව කියවන්න! ඉස්කෝලේ අපේ අහිංසක දරුවන්ගේ අසරණකම තේරුම් ගන්න! රට යන අත කියෙව්වොත් තේරෙයි!

October 22, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මේ කතාව කියවන්න! ඉස්කෝලේ අපේ අහිංසක දරුවන්ගේ අසරණකම තේරුම් ගන්න! රට යන අත කියෙව්වොත් තේරෙයි!
Share on WhatsAppShare on Facebook

ඔන්න ඇත්ත.!😭

මේ කන්තලේ ගංතලාව මහා විද්‍යාලයේ දැරියකගේ සත්‍ය කතාවකි. එහි විදුහල්පති පද්මසිරි කොට්ටේගොඩ මහත්මා ලියු ලිපියෙන් කොටසක් ඒ අයුරින්ම පහත දක්වා තිබේ.

“….සැප්තැම්බර් මස 13 දින පාසල් කාර්යාලයට 7 ශ්‍රේණියේ දියණියක සමග පැමිණි ගුරුතුමියක් එම දියණියට 7 A පන්තියේ යෙහෙළියක් නොමැති බැවින් 7 B හෝ 7 C පන්තියකට යොමු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.

යම් හදිසි කාර්යයක නිරතව සිටී මා ඊළඟ කාලඡේදය අවසානයේ ඇයව හමුවිය හැකි බව පවසා ගුරුතුමිය සමග යලි ඇයව ඇය පෙර සිටි පන්තියටම යැවීමි. නියමිත වෙලාවටත් ටික වේලාවකට පෙර එම දියණිය තනිවම කාර්යාලයට පැමිණි අතර, ඇය ඉදිරිපස අසුනේ අසුන්ගන්වා ගතිමි. මට පෙර කතාව ඇරඹූ ඇය,

“සර් 7C පන්තියට මට යන්න ඉඩ නෑ… 7B පන්තියට ගියාට මගේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ..”

“ඇයි පුතේ එහෙම කියන්නේ? “

“සර් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර, ඒකට උත්තරයක් පන්තියේ තිබුනා. මගේ පන්තියේ මට හොඳ යාලුවෙක් හිටියා. මට ගොඩක් දවස් වලට ඉස්කෝලේ එන්න බැරි වුන නිසා එයාගේ තනියට එයා වෙන යාළුවෙක් හොයාගෙන, මම දැන් තනි වෙලා ඉන්නේ..”

“ඔයා කොහොමද තනි වෙන්නේ පන්තියේ යාළුවෝ ගොඩක් ඉන්නවනේ? “

“එයාලා මගේ ප්‍රශ්නේ දන්නේ නෑනේ”

“පුතාට ගෙදර තියන ප්‍රශ්නේ මට කියන්න, මම උත්තරයක් හොයා දෙන්නම්.. “

මද වේලාවක් නිහඬව බිම බලා සිටි ඇය මෙසේ පැවසුවාය.

“සර් අපේ තාත්තට රස්සාවක් නෑ. කුලී වැඩකට ගිහිල්ලා සල්ලි හොයාගන්නේ. දැන් කුලී වැඩත් නෑ. අම්මට රස්සාවක් නෑ. උදේට කෑම නැති දවස් වලට අම්මා මාව ඉස්කෝලේ එවන්නේ නෑ.. කලන්තේ හැදෙයි කියලා. ටීචර්ලා ආවේ නැත්තේ ඇයි අහනකොට මම කියනේ අසනීප වෙනවා කියලා. 11 පන්තියේ ඉන්න මගේ අක්කා විභාගේ ලියන්න ඕනේ කියලා බඩගින්නේ ඉස්කෝලේ එනවා. එයා විවේක වෙලාවේ යාළුවන්ගෙන් කෑම කනවලු. මටත් ඉස්සර යාළුවාගේ කෑම එකෙන් ටිකක් දුන්නා.. ඒත් දැන් එයා කන්නේ අළුත් යාළුවා එක්ක. ඒ නිසා මට කෑම නෑ. කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නෙ නැත්තේ. ගිය සතියේ දවස් තුනක් අපිට බත් නැතුව හිටියා. චූටි මල්ලි බඩගිනී කියලා අඬනවා. එතකොට අම්මත් අඬනවා. අක්කා රෑ අසනීප වුනා. 1990 ඇවිත් අක්කා ව ඉස්පිරිතාලේ අරන් ගියා. අම්මා කිව්වා අක්කගෙ ඇඟේ ලේ අඩුවෙලා කියලා හොඳට කන්න බොන්න දෙන්න කියලා දොස්තර මහත්තයා කිව්වා කියලා. ඊයේ අපේ තාත්තා ගඟේ වැලි ගොඩ දාන්න ගිහිල්ලා හවස රුපියල් 1000/= ක් අරන් ආවා. කඩෙන් බඩු ගෙනත් බත් උයලා රෑට කෑවා. අද උදේ උයලා අම්මා බත් එකක් බැඳලා දුන්නා. උදේට නොකා දවල්ට කන්න ඒක අරන් ආවා. ඒක කාලා තමයි දැන් ආවේ.”

“සර් අද තාත්තට කුලී වැඩක් හම්බුනේ නැති වුනොත් හෙට කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නේ නෑ. මට බනින්න එපා කියලා ටීචර්ලට කියන්න.”

ඇයගේ දිගු කතාව එසේ නිමාවිය.

“පුතේ ගෙදර කෑම නැති දවසටත් ඔයා ඉස්කෝලේ එන්න. උදේම ඇවිත් මට කියන්න. මම ඔයාට කෑම එකක් දෙන්නම්. “

දීප්තිමත් වූ දෙනෙතින් මා දෙස බැලූ ඇය. “එහෙනම් හෙට ඉඳලා මට හැමදාම ඉස්කෝලේ ඉන්න පුළුවන් නේද සර්..” කියා අසුනෙන් නැගිට දණගසා මා හට වැඳ පන්තියට යාමට නික්ම ගියාය.

මෙයට,

පද්මසිරි කෝට්ටේගොඩ

විදුහල්පති – ගංතලාව මහා විද්‍යාලය

මොල්ලිපොතානේ

මේඩ් ඉන් ශ්‍රී ලංකා පිටුවෙන් උපුටාගැනීමකි..

SendShareShare
Previous Post

කංචන ආපහු ලයිට් බිල වැඩි කරනවා කියද්දී අගමැති ලයිට් බිල වැඩි බව කියයි!

Next Post

වෙලාවට ජන්ද තියන්න හදනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති අයින් කරන්න ආණ්ඩුවේ ඇතමුන්ට ඕනෙලු! සෙල්ලම් කරන්න එන්න එපා! අපි ඉන්නේ සභාපති එක්ක! අපි ඒවට ඉඩ දෙන්නේ නෑ! සජිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කියයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.