• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල්ලීට මේ රජ ගේ අයියා සදාලා…! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මල්ලීට මේ රජ ගේ අයියා සදාලා…! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2015 මහින්ද පරාද වුණාට පසු මහින්දට කොළඹ ඉන්න හරිහමන් ගෙයක් තිබුණේ නැත. ජනතාවට මහින්ද හමුවන්න කාර්යාලයක්වත් තිබුණේ නැත. ඒ නිසා මහින්ද පැරැදිච්ච මුල් කාලෙ වැඩිහරියක් හිටියේ මැදමුලනට වෙලා ජනතාව හමුවෙමින්ය. කොළඹ ආවාම හිටියේ යාළුවන්ගේ ගෙවල්වලය. හැබැයි ඒ වෙලාවේ බය නැතිව මහින්දගේ පිහිටට ආ එක් හිමිනමක් විය. ඒ, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. සාමාන්‍යයෙන් පන්සල්වල දේශපාලන කාර්යාල දාන්න ඉඩ දෙන සිරිතක් නැත. අනෙක් අතට ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව රාජපක්ෂ නම ගෑවුණු සෑම දෙනකුගෙන්ම පන්න පන්නා පළිගන්නා වෙලාවක් වූ නිසා මහින්දට හිතවත් අය පවා කොළඹ කාර්යාලයක් දාන්න තැනක් දෙන්න බය විය. නමුත් මුරුත්තෙට්ටුවේ හිමි යහපාලන ආණ්ඩුවට කුදගහගන්න කියා මහින්දට අභයාරාමයේ දොර ඇර දුන්නේය.

මහින්දට වගේම ගෝඨාභයටත් මුරුත්තෙට්ටුවේ හිමි ජනාධිපතිවරණ සමයේදී පන්සලේ දොර ඇර දුන්නේය. පැවිදි හඬ නිර්මාණය කරමින් ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් භික්ෂුන්වහන්සේලා පෙළගැස් වූයේය. මුරුත්තෙට්ටුවේ හිමි හිතුවේ මහින්ද වගේම ගෝඨාත් ජනාධිපති වූ පසු පන්සල් එක්ක ගහට පොත්ත වගේ බැඳීමක් පවත්වාගෙන යනු ඇතැයි කියාය.

හැබැයි එහෙම වුණේ නැත. කාර්යබහුලත්වය නිසා ගෝඨා ජනාධිපති ලේකම් කාර්යාලයට කොටු විය.

එහි ප්‍රතිඵලය වුණේ මුරුත්තෙට්ටුවේ හිමි ගෝඨාටත්, ආණ්ඩුවටත් පන්සලේ සිටම දිගට හරහට පහරදීමය. වතාවන් ගණනාවක්ම මහින්ද අභයාරාමයට ගිහින් මුරුත්තෙට්ටුවේ හිමි ෂේප් කරන්න හැදුවත් වැඩේ හරිගියේ නැත.

මහින්ද මේක හොඳින් තේරුම් ගෙන සිටියේය. තේරුම් ගත්තා විතරක් නොව ගෝඨාට කිහිප වරක්ම තේරුම් කරවීමට උත්සාහ කළේය. හැබැයි ගෝඨා ඒක තේරුම් ගත්තේ නැත.

හාමුදුරුවන්ට විතරක් නොව මේ ප්‍රශ්නය ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකත්වයටත් තිබිණි. ගෝඨා අඩුම තරමින් පක්ෂ නායකයන් එක්කවත් හරිහමන් දේශපාලන සම්බන්ධයක් තියාගෙන හිටියේ නැත. ඒ නිසා පක්ෂ නායකයනුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුනුත් ආණ්ඩුවේ හිටියේ හරිහමන් දේශපාලනයක් නොකරමින් ඉන්නම් වාලේය.
මහින්ද මේකත් නිතරම ගෝඨාට මතක් කර දුන්නේය. හැබැයි මුල් කාලයේ ගෝඨා මහින්ද දුන් මේ උපදෙස් කනකට ගත්තේ නැත. ගෝඨා කළේ පක්ෂ නායකයනුයි මැති ඇමැතිවරුනුයි බැලන්ස් කරන වැඩේ මහින්දට දී රටේ ප්‍රශ්න විසඳන වැඩේ දිගටම කරගෙන යන එකය.

නමුත් එළියෙන් විතරක් නොව ආණ්ඩුව ඇතුළෙන්ම ගිනි පත්තු වෙන්න ගනිද්දී මහින්ද කියපු දේ හරි බව ගෝඨාට වැටහිණි. ආණ්ඩුව කරන්න නම් සාම්ප්‍රදායික දේශපාලනයක් කරන්න ඕන බව ගෝඨාට වැටහිණි. ආණ්ඩු කරන කලාව ගැන මහින්දගෙන් උපදෙස් ගන්න ගෝඨා තීන්දු කළේ එතැන් සිටය.

එහිදී මහින්ද උපදෙස් කිහිපයක්ම දුන්නේය. ඉන් පළමුවැන්න වූයේ තමන්ගේ ලේකම්වරයා වූ ගාමිණී සෙනරත්ව ජනාධිපති ලේකම් කරගන්නා ලෙසය. හේතුව මහින්ද ජනාධිපති වූ කාලයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් මහින්දගේ දේශපාලනය ගැන ගාමිණීට ඇති පදම් අත්දැකීම් තිබීමය. රාජ්‍ය පාලනයයි, දේශපාලනයයි මහින්ද බැලන්ස් කරන ආකාරයට ගාමිණී හොඳහැටි දුටුවේය. ඒකට අතරමැදියා වෙමින් ගාමිණීද මහින්දට හොඳ සපෝට් එකක් දුන්නේය.

ඉතින් ගෝඨා මහින්දගේ උපදෙස් පිළිගෙන ගාමිණී තමන්ගේ ලේකම්වරයා බවට පත්කර ගත්තේය.

ඊළඟට පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ජන්ම දිනය යෙදී තිබිණි. වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ උපන් දින දෙකක් ගෙවී තිබුණත් ඒ කිසිදු අවස්ථාවකට ගෝඨා ගොස් තිබුණේ නැත. හැබැයි පසුගිය සතියේ පැවැති උත්සවයට වතාවක් නොව දෙවතාවක්ම ගෝඨා අභයාරාමයට ගියේය. රාත්‍රියේ තිබුණු පිරිත් පින්කමටද සහභාගි වූවේය. පෙරවරුවේ තිබුණු දානමය පුණ්‍යකර්මයටද සහභාගි වී පැය ගණනාවක් අභයාරාමයේ ගතකළේය. ඒ මහින්දගේ උපදෙස් පිළිඅරන්ය.

ඒ වගේම පසුගිය කාලයේ ආණ්ඩුව හා විමල්ලා අතර බරපතළ මතගැටුමක් නිර්මාණය වී තිබිණි. විමල්ලා විතරක් නොව ගෝඨාද ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය කරන ආකාරයක් දැකගන්නට තිබිණි. යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යෑමෙන් පසු කිසිදු වතාවක ගෝඨා විමල්ලා එළියේදී හමුවීමට හෝ කටයුතු කර තිබුණේ නැත.

හැබැයි ඒ මොන ප්‍රශ්න තිබ්බත් පසුගිය සතියේදී ගෝඨා විමල් සංවිධාන කළ ශිල්පාභිමානී උත්සවයට සහභාගි වීමට ගියේය. විමල් එක්ක සිනාසෙමින් හොඳට කතා කළේය.

ඒ උපදෙස් ගෝඨාට ලැබුණේ මහින්දගෙනි. ගෝඨා කළේ ඒ උපදෙසද අකුරටම පිළිපැදීමය.

‘ඒ කියන්නේ දැන් ගෝඨාත් මහින්දගේ අඩි පාරේ යන්න පටන් අරන් කියන එකද?’

සිද්ධ වෙමින් පවතින දේවල් දිහා බැලුවාම පේන්න තියෙන්නේ මහින්දගේ යෝධ දේශපාලන සෙවණැල්ල දැන් යළිත් ගෝඨාගේ ආණ්ඩුවට වැටෙමින් තිබෙන බවය. ඒ වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් ඉදිරියට තියන්න තියෙන ඡන්ද දිනන්නත් මහින්දගේ මේ සෙවණැල්ල අත්‍යාවශ්‍ය බව ගෝඨා වටහාගෙන තිබෙන බවය.

පසුගිය කාලෙ ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුද ගණනාවක් මතුවුණේ මහින්දගේ මේ සෙවණැල්ල ආණ්ඩුවට නොවැටුණු නිසාය. ඒකේ ප්‍රතිඵලය වුණේ විපක්ෂය ෆුට්බෝලයකට ගහනවා වගේ ආණ්ඩුවට හතර අතේ වීසිවෙන්න පහර දීමය.

හැබැයි දැන් මහින්දගේ දේශපාලන සෙවණැල්ල ආණ්ඩුවට වැටී ගෝඨාත් මහින්දගේ අඩි පාරේ යන්න පටන් ගෙන තිබීමත් එක්ක ආණ්ඩුවද පණගසා ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විපක්ෂය ටිකක් අන්දමන්දවී බිරන්තට්ටු වී සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ.

ඉතින් ගෝඨා මේ විදියට මහින්දගේ උපදෙස් පිළිඅරන් ඉතිරි අවුරුදු 3ත් කටයුතු කළහොත් 2019 වගේම 2024දීත් ජනතාව පෝලිමේ ඇවිත් ජනාධිපති පුටුවේ වාඩිනොකරයි කියලා කියන්නේ කොහොමද?

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

බන්දුල රටට කියන බොරු! (VIDEO)

Next Post

අනුරට බිත්තර ප්‍රහාරයක්!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.