ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණි රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමකට පැමිණි අවස්ථාවේදී මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී තිබිණ.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අල්ලා පොලිසියට බාරදීමට පිරිස පියවර ගෙන තිබිණ.
එහිදී ඔවුන් පොලිසියට පවසා තිබුණේ 16 දෙනකුගෙන් යුත් පිරිසක් මෙසේ බිත්තර ගැසීමට පැමිණ සිටි බවකි.










