• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්බූදයට බයේ රට බාරගන්නෙ නැතිව හැංගුණා කියලා රනිලුයි පොහොට්ටුවයි කොයිවෙලාවෙත් කියන කතාවට ඩලස් කන පැලෙන උත්තර දෙයි! මම විපක්ෂයත් එකතු ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වුණා! සජිත් ගෝඨාභයට කෙළින්ම කිව්වා ඔබතුමා අයින්වෙන්න අපි බාරගන්නම් කියලා! අනුරත් ඒකම කිව්වා! පොහොට්ටුවේ පාර්ලිමේන්තුවක් එක්ක කොහෙද ආණ්ඩු කරන්නේ! ඒ හින්දා බයේ හැංගුණා කියලා රනිල් කියන කතාව පට්ටපල් බොරුවක්! VIDEO I Sri Lanka Latest News

April 11, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

අර්බුදය හමුවේ රටේ වගකීම භාර ගන්න කිසිවෙක් හිටියේ නැහැ. ඔක්කොම හැංගුණා මම විතරයි අභියෝගය භාර ගත්තේ කියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා. මේක බරපතළ මුසාවක්. රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කියන්න හොඳ නැහැ. මම විපක්ෂයේ බොහෝ කණ්ඩායම් සමඟ ඒ බරපතළ අභියෝගය භාරගත්තේ යැයි නාවල ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතූ නිදහස ජනතා සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාටත් ඒ ආකාරයට චෝදනා කරනව බයේ හැංගුනා. අභියෝගය භාර ගත්තේ නැහැ කියලා. අප දේශපාලන මතවාද අතර යම් යම් පරස්පර තිබුණත්, මම ඒ දෙදෙනාටත් සාධාරණය ඉටු කරන්න ඕනේ. ඇත්තටම සජිත් සහ අනුර දෙන්නම කිව්වේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවා නම්, මේ අභියෝගය භාරගන්නා බවයි. පොහොට්ටුවේ ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් එක්ක කොහොමද එයාලා ඒක කරන්නේ? ඒ නිසා, ඒ දෙදෙනම බයවෙලා, හැංගිලා මේක භාරගන්නේ නෑ කියන එක ලොකු බොරුවක්.

නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25 කින් ඒ කියන්නෙ, දින 176 කින් පමණ මේ රටට 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.

ජනාධිපතිවරණය පවත්වයිද? නැද්ද? මහමැතිවරණය පැවැත්වයි ද? වෙන මැතිවරණයක් ඊට පෙර එයිද? නැද්ද? යන කාරණාවන් පිළිබඳ කිසිදු ආකාරයක සැකයක් සංඛාවක් තියාගන්න එපා. ඒවා සියල්ල ආණ්ඩුව විසින් ඇති කරනු ලබන මාධ්‍ය බුබුළු. ජනාධිපතිවරණය නියතයක්ග
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය නිශ්චිත දිනයන්හිදි පැවැත්විය යුතුමයි. ඒ අනුව, නව වසර උදා වී අප්‍රේල් 14 සට හරියටම දින 93 කින් නිසැක වශයෙන්ම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණය නිවේදනය කරන්න. ඒ වගේම, දින 114 කින් නාමයෝජනා කැඳවීම ජනාධිපතිවරණ පනතට අනුව සිදුවිය යුතුයි. එනම්, අගෝස්තු පළමු සතිය තුළ නාමයෝජනා කැදවීමට නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න වෙනවා.

ඒ වගේම, නව අවුරුදු උදාවේ සිට හරියටම සති විසි පහකින් ඒ කියන්නෙ දින වශයෙන් ගත්තොත් දින 176 කින් පමණ මේ රටේ 9වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් පත්වීම නියතයක්. ඒ නිසා, ජනාධිපතිවරණයට දින 176 ආසන්න වූ මොහොතේ, මං කැමතියි වර්තමානයේ පාලකයන්ට ත් පුරවැසියන්ට ත් දැනුම් දෙන්න කරුණාකර රට විකුණන න්‍යායපත්‍ර, එහෙම නැත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ මූලික නීතිය උල්ලංඝනය කරන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියන් පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට බරපතළ ලෙස අහිතකර වන බව.

ඒ වගේම, අපි දැක්කා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා අම්බලන්ගොඩ එතුමාගේ නිවස ඉදිරිපිට බැනර් එකක් ප්‍රදර්ශනය කරනවා පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව. ඔහු ප්‍රකාශ කරනවා මැතිවරණ කල්දැමීම ඒකාධිපතිත්වයට අත වැනීමක් කියලා. ඒක තමයි ඇත්ත.

අද ඉදලා හරියටම දින 176 කින් නව නායකත්වයක් මේ රටට ලැබෙන නිසා කිසිවෙක් මේ රට තමන්ගේ පුද්ගලික බූදලයක් කියා හෝ මේ රට තමාගේ කොම්පැනියක් කියා හෝ මේ රට තමන්ගේ පවුලේ බූදලයක් කියා හෝ සිතා කටයුතු කරන්න එපා යන නිහඬ බලකිරීම මේ අවස්ථාවේදී මා ඔබට සිදු කරනු ලබනවා.

ඒ වගේම, අප සංස්කෘතික පිළිගැනීමට අනුව, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමට ආසන්න මේ මොහොතේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය නිරවුල් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන. දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් අප රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගතද?

එම නිසා, මගේ ඉල්ලීම, කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් නොවේ.

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය සහ ප්‍රංශයේ ක්‍රමය යන ක්‍රමයන් උදාහරණයට අරගෙන. නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරු 46 ක් අතරින් එකම එක ජනාධිපතිවරයෙක් පමණයි ජනාධිපති පදවියේ සිට කොංග්‍රස් මණ්ඩලයට නැවත තරග කළේ. එය සිදුවෙලා තිබෙන්නේද 1830 තරම් වූ ඈත යුගයකදී 6 වැනි ජනාධිපති ජෝන් කුවන්සි ඇඩම් පමණමයි. ප්‍රංශෙත් ඒක කවදාවත් වෙලා නෑ.

පළවෙනි පුරවැසියෙක් එහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ. අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ගේ මේ හැසිරීම එක පැත්තකින්, අප්‍රසන්නයි. පිළිකුල් සහගතයි. අනෙක් පැත්තෙන්, මහජනතාවගේ බදු මුදල්වලට සිදු කරන නිග්‍රහයක්. අසාධාරණයක්. අවමානයක්.

ඇමරිකාවේ ප්‍රංශයේ නෙමෙයි, අපේ රටේ ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනය සම්බන්ධයෙන් කුමන මතවාද ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණද ජේ.ආර්. ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම අපට ඒ ආදර්ශය ලබා දී තිබෙනවා. ජනාධිපති ධුරයේ හෙබවීමෙන් පසු මිය යන තෙක් කිසිදු ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාවලියකට ඔහු සහභාගී වුණේ නැහැ. අඩුම ගනනේ ඔහුවත් ආදර්ශයට ගන්න.

කරුණාකර, තරුණ පරම්පරාව, මේ මහපොළොව ඉල්ලන නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මහජනතාව ගේ බදු මුදල් වලට ගරු කරමින් පළමු පුරවැසියාගේ පරමාදර්ශී භූමිකාවකට ඇතුල් වන්නැයි ගෞරව පෙරදැරිව මා ඒ සිව් දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

මෙහෙම මිනිස්සු අන්දන්න දෙන්න බෑ! දවස් කීපයකට ඉස්සෙල්ලා හඳුන්නෙත්ති ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා සජිත්ට අනුර එක්ක විවාදෙට එන්න කිව්වා! පැය කීපයකින් සජිත් මුලතිව් ඉඳලා හා කිව්වා! TV නාළිකා පොරකෑවා විවාදය ඉල්ලලා! ඒකට උත්තර දෙන්නේ නැතිව නලින්ද අවුරුදු එකහමාරකට කලින් අනුර කියපු කතාවක් දැන් කියනවා! මාධ්‍යයටත් බනිනවා! මේ වැඩේ කැතයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපත ලංකාවට පැවරූ ඓතිහාසික ලියකියවිලි ගම්මන්පිල වි‌දේශ අමාත්‍යංශයෙන් ඉල්ලයි! ලොකු සටනකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.