• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්ගේ තේරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රනිල්ගේ තේරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2012 ඔක්තෝබරයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ ජනාධිපති නීතිඥ ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ විට යූ.ඇන්.පී.යේ බෝම්බයක් පිපිරුණි. එයට හේතුව මහින්ද නම් කළ ජනාධිපති නීතිඥ ලැයිස්තුවේ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල සභික රනිල්ට එරෙහි පක්ෂ කැරැලිවලදී රනිල්ට නීති උපදෙස් දෙන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති පෝල් පෙරේරාගේ පුත් රොනල්ඩ් පෙරේරා සිටීමය. ඒ වෙලාවේ රනිල්ට එරෙහිව කැරැලි ගැසූ කරු සහ සජිත් පිල රොනල්ඩ් පෙරේරාට ජනාධිපති නීතිඥ ධුරයක් හිමිවීම හැඳින්වූයේ මහින්ද සහ රනිල් ඩීල් එකේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ වෙනකොටත් ඔවුහු රනිල්ගේ පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය ආරක්ෂා කරන්න මහින්ද පැය 24ම වැඩකරන බවට චෝදනා එල්ල කරමින් සිටියහ. ඔවුන් කීවේ මහින්ද රොනල්ඩ්ව ජනාධිපති නීතිඥයකු ලෙස නම්කිරීම තුළින් එය ඔප්පු වූ බවය.Sri Lanka Latest News

දැන් රනිල් ජනාධිපති වී ඒ වගේ බෝම්බයක් පත්තු කර ඇත. ඒ බෝම්බය නම් ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටින ජවිපෙ නීතිඥ සංවිධානයේ ප්‍රධානියකු වන උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්නව ජනාධිපති නීතිඥවරු ලෙස නම්කිරීමෙනි.

සාමාන්‍යයෙන් නීතිඥ සංගම් ඉතිහාසයේ නීතිඥ සංගම් සභාපති ධුරයට පත්වන්නේ පවතින ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කතා කරන්න බය නැති සටන්කාමීන්ය. මෑත කාලවල උදාහරණ දෙනවා නම් මහින්ද ජනාධිපතිව සිටියදී නීතිඥ සංගම් සභාපති ධුරවලට පත්වූයේ යූ.ඇන්.පී. මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සහ උපුල් ජයසූරියය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී මහින්දගේ ආණ්ඩුව වට්ටන පළමු වෙඩිමුරය පත්තු කළේ නීතිඥ සංගමයය. ඒ වෙලාවේ ලංකාව පුරා විහිදී සිටි නීතිඥවරු මහින්දගේ ආණ්ඩුවට එරෙහිව නීතිඥ සංගමය වටා එක්රොක් වූහ.

ඊළඟට මහින්ද ජනාධිපතිවරණයෙන් පරාජය වී මෛත්‍රී-රනිල් ජනාධිපති වූ විට නීතිඥ සංගම් සභාපති ධුරයට පත්වූයේ විපක්ෂයට සමීප සම්බන්ධකම් දක්වන යූ.ආර්.ඩී. සිල්වාය. ඔහු මෛත්‍රී-රනිල් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරු පසුපස පන්නද්දී ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

මෛත්‍රී-රනිල්ගෙන් පසු ගෝඨාභය ජනාධිපති වී නීතිඥ සංගම් සභාපති ධුරයට පත්වූයේ සාලිය පීරිස්ය. ඔහු විපක්ෂයට සම්බන්ධකම් ඇති නීතිඥයකු වූ අතර, ගෝඨාගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ඔහු පෙනීසිටියේය. අරගලය ආ වෙලාවේ අරගලයේ නියමුවන් වෙනුවෙන් ඔහු සහ නීතිඥ සංගමය පෙනීසිටි අතර, ඔවුන් වෙනුවෙන් උසාවිවලද පෙනී සිටියේය. රනිල් සහ සාලිය පීරිස් කලින් මිත්‍රයන් වුවද රනිල් ජනාධිපති වූ පසු අරගලය මර්දනය කරද්දී සාලිය අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කරගන්න මැදිහත්කරුවකු ලෙස සාලිය පීරිස් පෙනීසිටි අතර, එසේ ඉවත් කරගෙන යද්දී රනිල්ගේ හමුදාව සහ පොලිසිය අරගලකරුවන්ට පහරදීම සාලිය ඉවසුවේ නැත. මේ නිසා රනිල් සාලියට පහර ගහන්න පටන්ගත්තේය. වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම රනිල් සාලිය පීරිස්ට පාර්ලිමේන්තුවේ පහර දුන්නේය.

සාලියගෙන් පසු නීතිඥ සංගම් සභාපති වූයේ කෞෂල්‍ය නවරත්නය. අරගලය වෙලාවේ නීතිඥ සංගමය ඉටුකළ කාර්යභාරය නිසා කෞෂල්‍යගෙන්ද නීතිඥ සංගමයත්, සිවිල් සංවිධාන සහ මහජනතාව රනිල්ගේ ආණ්ඩුවේ මර්දනයට එරෙහි සටනක් බලාපොරොත්තු වුවත් ඔහු කීවේ තමා නීතිඥ සංගමයෙන් දේශපාලනය නොකරන බවය. පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස අධිකරණය දුන් තීන්දුව රනිල් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කෞෂල්‍ය සහ නීතිඥ සංගමය නිහඬව සිටියහ. ඒත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ඔහුගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය දුන්න තීන්දුව විවේචනය කරන විට රොෂාන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල කොට පවරපු නඩුව වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ සංගමය ඉදිරිපත් විය. එලෙසම රොෂාන් පාර්ලිමේන්තුවේදී විනිසුරුවරුන් විවේචනය කිරීම වැරැදියි කියා නීතිඥ සංගමය නිවේදනයක්ද නිකුත් කළේය. සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් වී නීතිඥ සාමූහිකය නමින් වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තේ නීතිඥ සංගමයේ කාර්යභාරය ගැන කලකිරීමෙන් විය යුතුය. දැන් කෞෂල්‍ය නවරත්න ජනාධිපති නීතිඥ ධුරයක් ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති අතර, රනිල් අයැදුම්පත් දහස් ගණනක් අතරින් ඔහුට ජනාධිපති නීතිඥ ධුරය පිරිනමා තිබේ. නීතිඥ සංගමයේ සභාපති ධුරයේ සිටියදී ජනාධිපති නීතිඥ ධුරයකට ඔහු හිමිකම් කියයි.

ඒ වගේම ජවිපෙ නැගී එන තරුවක් වූ උපුල් කුමරප්පෙරුමට ජනාධිපති නීතිඥ ධුරයක් හිමිවීම ජවිපෙ තුළම මහා ආන්දෝලනයකට ලක්ව තිබේ. ජවිපෙ ස්ථාවරය රනිල් මහජන ඡන්දයෙන් බලයට පත් ජනාධිපති කෙනෙක් නොවන බවය. එවැනි ජනාධිපතිවරයෙක්ගෙන් උපුල් කුමරප්පෙරුම ජනාධිපති නීතිඥ තනතුරක් ලබාගැනීමට අයැදුම් කිරීම ඇතැම් ජවිපෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට හේතුවී තිබේ.

‘අනුර ජනාධිපති වෙන්න තව දවස් 200 ගානයි. ඇයි උපුල්ට ඒ දවස් ගාන ඉවසන්න බැරිවුණේ..,?’

මේ, ජවිපෙ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නගන ප්‍රශ්නයය. ජවිපෙ හැම තිස්සේම කියන්නේ මහින්ද-රනිල්-සජිත්ලා එක පිලක්, ඔවුන් සමග ඇයිහොඳයිකම් පාන්නේ නැහැ කියාය. වෙනකක් තබා ඩලස්ලාවත් ඔවුන් පිළිකුල් කරන්නේ රාජපක්ෂලාට ගෑවිච්ච අය කියාය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රනිල්ගේ වලිගේ එල්ලිලා ඉන්න බවත්, හෙට අනිද්දා රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යන බවත් හැම රැස්වීමකම කියයි. එසේ තිබියදී ඔවුන්ගේ සන්ධානයේ ප්‍රධාන චරිතයක් රනිල්ගෙන් ජනාධිපති නීතිඥකමක් ලබාගැනීම පක්ෂයේ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ඉවසාගත නොහැකිව තිබේ. එහෙත් ජවිපෙ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ උපුල් කුමරප්පෙරුම ජනාධිපති නීතිඥ ධුරයට සුදුසු බවත්, සුදුස්සාට සුදුසු තැන හිමිවී ඇති බවත්ය.

‘ඒ කියන්නේ රනිල් සුදුස්සාට සුදුසු තැන දෙන බවද…?’

රනිල් මේ ලැයිස්තුව එළියට දමලා පත්තු කර ඇත්තේ බෝම්බයකි. හැබැයි රනිල් මෙය හිතාමතා කළා කියන්න බැරිය. හේතුව ජනාධිපති නීතිඥ ධුර ලබාදෙන්නේ ඒ සඳහා අයැදුම් කළ නීතිඥයන්ටය. රනිල් අයැදුම්පත් පරීක්ෂා කොට හොඳ ගේමක් ගසා ඇත. රනිල් හතුරන්ට තනතුරු දෙන්න, සම්මාන දෙන්න රුසියෙකි. එයින් නැතිවෙන්නේ තමන් නොව හතුරන් බව ඔහු උගෙන ගත්තේ සුන් සුගේ ‘ආට් ඔෆ් වෝ’ පොතෙන්ද දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපේ ආණ්ඩුව කාලේ හොරුන් ඇල්ලුවත් ඒකෙ හිටපු නායකයන් හොරුන්ව බේරන්න ඩීල් ගැහුවා! එහෙම නොකළා නම් හොරකම් කරපු සල්ලි රටට ගේන්න තිබුණා! හබරණ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් පිරිනමමින් විපක්ෂනායක සජිත් යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච වැරැද්දක් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අදත් ඉන්දීය සාගරයේ භූ කම්පනයක්! ඒත් අවුලක් නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.