රවි කරුණානායක මහතා සිලින්ඩරේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කොට මැතිවරණ කොමිසම වෙත ලිපිය යැවීමත් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් රවී කරුණානායක මහතා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබේ. Sri Lanka Latest News
ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීප පුවත්පතේ පුවතක් පළ කරමින් අදාළ ලිපිය එම පක්ෂයේ හවුල්කාර පක්ෂවල අනුමැතියකින් තොරව යොමු කොට ඇති බව වාර්තා කොට ඇත.
එය අත්තනෝමතික තීන්දුවක් බවද එම පුවතේ සදහන්ව තිබේ.
කෙසේවෙතත් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සැලසුම් කොට ඇත්තේ සාගල රත්නායක මහතා හා රුවන් විජයවර්ධන මහතා ජාතික පාර්ලිමේන්තුවට නම් කිරීමටය.










