කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News
ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පැවසුවේ රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය බවය.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.










