මේ කියන්නට යන්නේ ලබන 12 වැනිදා රනිල් සිදුකිරීමට යන තවත් විදේශ සංචාරයක් පිළිබඳවය.Sri Lanka Latest News
මෙවර රනිල් යන්නේ කිසිවකුත් නොසිතන රුසියාවටය. සාමාන්‍යයෙන් ඇමෙරිකාවට හෝ එංගලන්තයට රනිල්ගේ යෑම අමුතු එකක් නොවුණද රුසියාවට යෑම තරමක් අමුතු එකක් වී ඇත්තේ එදා සිටම රනිල් දැරූ අතිදක්ෂිණාංශික ප්‍රතිපත්තිය හේතුකොට ගෙනය. ඒ අනුව රනිල් රුසියා ගොස් නැවතීමට තීන්දු කොට ඇත්තේ ශාන්ත පීටර්ස්බර්ග්වලය.
මේ පිළිබඳ තවත් තොරතුරු සොයාගෙන යද්දී අපට දැනගන්නට ලැබුණේ මෙම සංචාරය සංවිධාන කිරීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන විශාල වැඩකොටසක් සිදුකොට ඇති බවය. ඒ, රුසියාවේ මෙන්ම ලංකාවේද බොහෝ ව්‍යාපාර සිදුකරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු හරහාය. ඔහුට වජිර සමග බොහෝ සබඳතා ඇති බව කියැවේ.
එමෙන්ම රනිල් රුසියා යන්නේද ආරාධනාවක් අනුව නොව, තමන් විසින් ඉල්ලාගෙන යන සංචාරයක් ලෙසටය. ඒ අනුව රනිල් රුසියාවට යන්නේ කුමකටද, ඔහු නතර වෙන්නේ කොහේද, රනිල් සහභාගි වන සම්මන්ත්‍රණය කුමක්ද, රනිල්ට රුසියාවේදී පහසුකම් සලසන්නේ කවුරුන්ද යන්න පිළීබඳ මේ වනවිට සියලු තොරතුරු යම් යම් පාර්ශ්වයන් විසින් සොයාගෙන ඇති බවක්ද ආරංචිය.
රාජ්‍ය රහස්










