කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා උපන්දින සුබ පැතුම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. Sri Lanka Latest News
කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනක් අතරතුර මෙලෙස කේක් කපා උපන්දින සුබපැතුම් පිරිනැමීම සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.










