• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ජෝකෝ හමුවෙයි! ලංකාවට එන්න ආරාධනා කරයි! I Sri Lanka Latest News

May 21, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.Sri Lanka Latest News

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි.

1956 දී පැවති බැන්ඩුන්ග් සමුළුවට සහභාගිවීම දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින් සිය අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමේදී එවැනි සමුළුවල පවතින වැදගත්කම ද පැහැදිලි කළේය.

එසේම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනිසියානු ජනාධිපති විඩෝඩෝ මහතාගේ නායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරය ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද පළ කර සිටියේය.

සන්ධාන ලේකම් කාර්යාලයක් ද පිහිටුවීම පිළිබඳව ඉන්දුනීසියාව වෙත සිය ප්‍රශංසාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එහි පවතින වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එරට විශාලතම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ඉන්දුනීසියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විඩෝඩෝ මහතා තිරසාර ජල කළමනාකරණය සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජලය සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ දේශපාලන නායකත්වයේ වැදගත්කම පැහැදිලි කළේය.
එමෙන්ම ඉන්දියන් සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිගන්නා බව සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඒ සඳහා සිය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් 2025 මුල් භාගය වන විට ඉන්දුනීසියාව සමඟ වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කළේය.
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වීම අනෙකුත් දකුණු ආසියානු රටවල් වලටද ඊට ඇතුළත් වීම දිරිමත් කරනු ඇති බව ද සඳහන් කළේය.

දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළ අතර ඉන්දුනීසියානු ඖෂධ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවට සහතික විය.
ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ආසියාන් සංවිධානයේ ඉන්දු පැසිෆික් ඉදිරි දැක්ම සඳහා සහය දක්වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය සාගර කටයුතු සම්බන්ධයෙන් සමීප ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාවක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
කලාපීය වාණිජ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ රජයන්හි ප්‍රධානීන් අතර නිරන්තර රැස්වීම් පැවැත්වීම මෙන්ම ඉන්දුනීසියාව සමඟ නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ කාර්යභාරය අවධාරණය කරමින් ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානයට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳව ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කළේය.
මෙම මුලපිරීම වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා දෙරටේම අදාළ අමාත්‍යාංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

නුදුරු අනාගතයේදී තමාගේ ජනාධිපති ධුරයේ කාලසීමාව අවසන් වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා, ඉදිරියේදී බලයට පත්වන ඉන්දුනීසියානු නව පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.
ඉන්දුනීසියාවේ නව නායකත්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මහතා වෙත පුද්ගලික ආරාධනයක් ද සිදු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-05-20

SendShareShare
Previous Post

වෙසක් සතිය අදින් ඇරඹේ! අනවශ්‍ය සැණකෙළි බෑ! සුරා සැල් 23-24 වහලා! මාතලේ අද සිටම දවස් 4ක් වහලා! I Sri Lanka Latest News

Next Post

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.