• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කොළොන්නාව-කැලණිය-අඹතලේ ගංවතුර බලන්න යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.Sri Lanka Latest News

එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දුන්නේය.

අවතැන් වූ ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලූ අතර ඔහුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඒවා අඛණ්ඩව සපුරාලීමට ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට අද රාත්‍රීයේ සිට ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය,ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයනත එක්ව සකස් කරන ලෙසද දැනුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නළ මාර්ග භාවිතා කර ගංවතුර වේගෙන් බැස යාමට සළස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

ආපදා තත්ත්වයෙන් අවතැන්ව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් ප්‍රජා පොලිසියේ දායකත්වයෙන් ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි.
ආපදා තත්ත්වයට පත් වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යුද හමුදාවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට වගබලා ගන්නා ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එසේම ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත තාවකාලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ද උපදෙස් දුන් අතර ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කර දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අර්ධ හානී සිදුවූ නිවාස සහ ගොඩනැගිලි පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත් පැවසීය. එම වාර්තා අනුව ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, එස්.එම්.මරික්කාර්, ජනාධිපති වෘත්තීය සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-03

SendShareShare
Previous Post

බුද්ධාගම අදහන අපි ඉන්දුනීසියාවේ බුදුදහම ගැන දැන සිටියාද? Sri Lanka Latest News

Next Post

රනිල් ඔක්කොම විකුණනවා! මම ආයෙ එන්නෙම නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

Load More
මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

පසුගිය කාලයේ රටට සිදුවූ සෑම ජාතික ව්‍යසනයක් සම්බන්ධයෙන්ම විපක්ෂනායක සජිත් කල් තියා දැක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ බව වෘත්තීයවේදීන්ගේ සහ...

Read more
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.