ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එය අකුරටම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් වර්තමාන ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, එයට කදිම උදාහරණය වන්නේ විදුලි බිල යැයිද පැවසීය.
රටේ සම්පත් කොල්ල කෑ, එමෙන්ම රට විනාශ මුඛයට රැගෙන ගිය පිරිස සුරක්ෂිත කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා විසින් බව පැවසූ විපක්ෂ නායකතුමා, එවන් දුර්දාන්ත ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් එකතු නොවෙන බව ද පැවසීය.
ආණ්ඩුවට හිතවත් ඇතැම් මාධ්‍ය යොදාගෙන සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරයා එකට එකතු වන බවට බොරු ප්‍රචාර පළ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා තාන්න මාන්න තනතුරුවලට කිසිදිනක තමන් මේ රටේ ජනතාව පාවා නොදෙන බවද පැවසීය.
ජනාධිපතිවරයාව පත් කිරීමට මුල් වූ පොහොට්ටුවේ කණ්ඩායම පැමිණ ඇමතිධූර ඉල්ලන බවත් දැන් එය සූදුවක් බවට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඒ නාඩගමට ඇත්තේ තව වසර එකහමාරකට අඩු කාලයක් බව ද පැවසීය.
සමගි ජන බලවේගයේ මොනරාගල පළාත් පාලන ආයතන අපේක්ෂක අපේක්ෂිකාවන් හමුවෙමින් විපක්ෂ නායකතුමා අද මේ බව පැවසීය.
SAJITH PREMADASA