• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ගමට යයි! ළමයින්ට කතා කරයි! අම්මලාට කතා කරයි! ගොවි ප්‍රශ්න අහයි! (PHOTOS & VIDEO)

October 17, 2022
in Exclusive
Reading Time: 18 mins read
A A
රනිල් ගමට යයි! ළමයින්ට කතා කරයි! අම්මලාට කතා කරයි! ගොවි ප්‍රශ්න අහයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ඊයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 3 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා සිදු කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීමටත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය ප්‍රමුඛ අවධානයක් ලබා දී කටයුතු කරන බවද පැවසීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

වාද විවාද සිදු කිරීම තමාට ගැටලුවක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මහ පාරට පැමිණ ලේ වගුරන බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව ද සිහිපත් කරමින් කියා සිටියේ ලේ වැගිරීමට පෙර ජීවත්විය යුතු බවයි.

ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත් ලේ වැගිරීමට නොව හාමතේ මිය යාමට සිදුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බවත් අවධාරණය කළේය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියට පැමිණි ජනාධිපතිවරයා වගා බිමේ සංචාරය කරමින් ගොවිජනතාව සමග සුහද කතා බහක නිරත විය.

තමන් මුහුණ පා ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී ගොවි ජනතාවට අවස්ථාව ලැබුණු අතර පොහොර හිඟය, කෘමිනාශක සහ වල්නාශක හිඟය මෙන්ම ප්‍රදේශයේ ඉඩම් ගැටලු, ජල ගැටලු සහ වන අලි උවදුර පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එම අවස්ථාවේදී අදාළ නිලධාරීන් ගොවි බිමට කැඳවූ ජනාධිපතිවරයා ක්ෂණික විසඳුම් ලබාදිය හැකි ගැටලුවලට එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට පියවර ගැනීම විශේෂත්වයක් වන අතර තම ප්‍රදේශයට ජනාධිපතිවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ගොවි ජනතාව තමන් අසළට පැමිණ ගැටලු සොයා බැලීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ.

මෙහිදී ඉදිරිපත් වු සියලු ගැටලු ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මගින් සටහන් කරවාගත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ වෙනම අතිරේක ලේකම්වරයෙකු පත් කර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදිමට පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර අධ්‍යාපන, මාර්ග, නිවාස ඇතුළු ගැටලු ඒ අතර විය.

එම සියලු ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන ප්‍රදේශයේ දරු දැරියන් විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර සියඹලාණ්ඩුව කලුඔබ්බ ධර්මාශෝක පෙර පාසලේ පැවැත්වෙන දහම්පාසල වෙත ද කිසිඳු දැනුම්දිමකින් තොරව ගිය ජනාධිපතිවරයා සිසු දරුවන්ගේ සුවදුක් විමසීය.

පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට පැමිණියත් සිසු දරු දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියේ නීරික්ෂණ චාරිකවක නිරතවීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙන්නේ එය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. ඒ සඳහා ලබාදිය හැකි සියලු පහසුකම් අපි ලබා දෙනවා. මේ මහ කන්නය වන විට වි වගාව, බඩ ඉරිගු සහ අනෙකුත් බෝග වගාවන් කරන්න සූදානම් විය යුතුයි. එහෙම නම් මහ කන්නය වන විට හෝ ඊට පෙර හෝ හොඳ අස්වැන්නක් ලබා ගත යුතුයි. හොඳ අස්වැන්නක් තිබෙනවා නම් නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ස්ථාවරත්වයක් ඇති වෙනවා.

වගා කටයුතු පමණක් නොවේ, අස්වැන්න එකතු කිරිම, නාස්තිය අවම කිරීම, ගබඩා කිරීම ඒ වගේම බෙදා හැරීමේ ජාලය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. තවත් අඩු පාඩු තිබිය හැකියි. ඒවත් විසඳාගෙන සාර්ථකව මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි.

මහ කන්නය වෙන තෙක් අපිට මූලිකව තිබෙන්නේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දැන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආහාර නැති නිසා ඇතැම් අය සිය ජීවිකාව ගත කරන්නේ නොයෙකුත් අපහසුතා මධ්‍යයේයි. ඒ නිසා මේ ප්‍රදේශවලින් නිෂ්පාදන ලබාගෙන බෙදාහරින වැඩසටහනක් ආරම්භ කළයුතුයි.

මේ පළාත දියුණු කර ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් උදාකරදීම අපේ අරමුණයි. මේ ප්‍රදේශයේ කුඩා වැව් නැවත ප්‍රතිසංස්කරණ කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරමු. පළමුවෙන්ම කරන්න තිබෙන්නේ ලබන කන්නයේදි ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමයි.

ඒ නිසා කිසිදු බාධාවකින් තොරව ඉදිරි මහ කන්නය වන තෙක් මුළු රටම ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොදා ගන්නවා. ඒ වගේම රටේ පවතින ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුතුයි.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ අනුව මේ වන විට මූලික එකඟතාවකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. අපිට ණය ලබාදී ඇති රටවල් අතර ප්‍රධානම රටවල් තමයි චීනය, ජපානය සහ ඉන්දියාව.

දැන් අපි ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් එම රටවල් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මම ජපානයට ගිය අවස්ථාවේ එහි විදේශ අමාත්‍යවරයා සහ අගමැතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා.

එමෙන්ම පසුගියදා චීන මූදල් අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඒ වගේම වොෂින්ටන් නුවරට ගොස් සිටින අපේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉන්දියාවේ කණ්ඩායම් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.

රටේ පවතින ණය බර අඩු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීනය, ජපානය සහ ඉන්දියාව සමග අපි ප්‍රථම වතාවට ඊයේ දිනයේ මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. අපිට මේ ණය ගෙවීම අපහසුයි. නමුත් ණය බර අඩුකර ගැනීමේ මාර්ගයක් සොයා ගත යුතුයි. ණය පමණක් නොව දැන් පොළිය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම සාකච්ඡා විධිමත්ව ඉදිරියට ගෙන ගියහොත් මේ සියලු ගැටලු නිරාකරණය කරගත හැකියැයි මම විශ්වාස කරනවා.

එමෙන්ම අපි සමහර පුද්ගලික ණයකරුවන් සමගත් සහන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම සාකච්ඡා අවසන් වූ විට එම රටවලින් ආධාර උපකාර ඉල්ලා සිටිය හැකියි. ඒ ආධාර උපකාර එක සැරේ ලැබෙන්නේ නැහැ.

ඒ කාලය තුළ ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් අපිට මුදල් ලැබෙනවා. පොහොර ලබා ගන්නත් ඒ වගේම ඖෂධ ලබා ගන්නත් ලෝක බැංකුවෙන්, යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ආසියනු සංවර්ධන බැංකුවෙන් අපිට මුදල් ලබා දුන්නා. එම මුදල්වලින් තමයි අපි මේ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා අපිට ගැටලුවකින් තොරව මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා හැකියි.

වාද විවාද කරන එක මට ප්‍රශ්නයක් නොවේ. සමහර අය කියනවා පාරට බැහැලා ලේ වගුරනවා කියලා. ඊට ඉස්සෙල්ලා ජීවත් විය යුතුයි. නැතිනම් හාමතේ මිය යන්න සිදු වෙනවා. කතාකරන්න තියෙන ඕන දෙයක් පාර්ලිමේන්තුවේ දී කතා කරමු. පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ සඳහායි.

අපි සියලුදෙනා මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතුයි. ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවේ, විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් මා සමග ප්‍රකාශ කළා ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමතියි, ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්න කියලා. අපි එකතුවෙලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ ගොවි ජනතාව නිරතව සිටිනවා. ඒ සමගම සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන මෙවර මහ කන්නයෙන් අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදයට ද අපි සූදානම් විය යුතුයි.

අද මේ සඳහා සහභාගී වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය කන්නයේ පොහොර නොලැබීම පිළිබඳ සියලු ගොවි ජනතාවට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

මෙහිදී ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සහ ඒවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය

පොහාර ගැටලුව තමයි ජනාධිපතිතුමනි අපට තිබෙන්නේ,

පිළිතුර

මේ මහ කන්නයේ වී වගාව සහ බඩ ඉරිගු වගාව සඳහා අවශ්‍ය පොහොර අපි ලබා දෙනවා. ඊට අදාළ පියවර දැන්මටත් ගෙන තිබෙන බව මතක් කරන්න කැමතියි. ඒ ගැන ගැටලුවක් ඇති කර නොගෙන ගොවිතැන් කටයුතු නිසි වේලාවට ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, අපේ ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පිළිතුර

අපි මේ ප්‍රදේශවලට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාදීමට තීරණය කරලා තිබෙනවා. දැන් ඒ ඒ දිස්තික්කවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයයි, ඒ වගේම අස්වැන්න එකතු කරන විට මැෂින්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණනයයි අපි ලබා දෙන්නම්.

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, ඉන්ධන නිසි වේලාවට ලැබෙනවාද යන්න පිළිබඳව මේ ප්‍රදේශය නියෝජනය කරන අපේ මැති ඇමතිවරු සොයා බැලිය

යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශේන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුමේධා ජී. ජයසේන, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජාතික ආහාර සුරක්ෂිතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ, සියඹලාණ්ඩුව ප්‍රාදේශී ලේකම් අසංක දයාරත්න යන මහත්වරු සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රාජ්‍ය නිලදාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඔන්න චක්‍රලේඛය ආවා! ‌ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වැඩි පොලියත් නැවැත්තුවා!

Next Post

රෝහිතගේ කළුතරට ගියා! මහින්දානන්දගේ නාවලපිටියට ගියා! මහින්ද ඊළගට එන්නේ ජොනීගේ කුරුණෑගලටද? ගිනිබත් කරපු ජොනීගේ කාර්යාලයත් යළි හදන්න පටන් ගනී! (VIDEO)

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.