• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තර – ටීවීවලින් හැමෝම දැක්කේ කාර් එකට යටවෙලා මියගිය මවක්! ඒත් කවුරුත් නොදැක්ක අධ්‍යාපනයේ අරගලකාරිය ජානකී මැඩම්! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පත්තර – ටීවීවලින් හැමෝම දැක්කේ කාර් එකට යටවෙලා මියගිය මවක්! ඒත් කවුරුත් නොදැක්ක අධ්‍යාපනයේ අරගලකාරිය ජානකී මැඩම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතය කියන්නේ අපි කලින් සැලසුම් කරලා, ඒ සැලසුම අනුවම සියල්ල සිදුවෙනවාමයි කියලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයි මොහොතේ මොන අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්න වෙයි කියලා කාටවත් කියන්න බැහැ. ඒ අතරතුර අපේ ජීවිතවල සදාකාලිකව පසුතැවෙන්න වෙන දේවල් සිදුවෙනවා. සමහරු ඒවා සාධාරණීකරණය කරනවා. සමහරු දොස් කියනවා. සමහර දේවල් අපි හීනෙකින්වත් හිතලා කරන වැරදි නම් නෙවෙයි. පුංචි අත්වැරදීමකින් විශාල ජීවිත හානි පවා සිදුවෙනවා. ඒත් ඒ වැරදි ජීවිතයේ යළි කිසි දිනෙක හදාගන්නට නම් බැහැ. ඒත් අපි හිතලා කළ වරදක් නෙවෙයි කියලා අපේ හෘද සාක්ෂිය දන්නවා. අපිට ලෝකෙටම හඬ නගලා කියන්න බැරි වුණත් ඒක අපි දන්නවා. අපිට දැනෙනවා අත්වැරදීමක්ම බව.
පසුගියදා අපට අසන්නට ලැබුණු මේ සිදුවීමත් එවැනි අත්වැරැද්දක්. ඒ අත්වැරැද්ද සුළු අත්වැරැද්දක් කොට තකන්නට නම් බැහැ. මොකද ඇය රටට වටිනා ජීවිතයක්. සමාජයට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. මේ අනපේක්ෂිත අනතුර සමාජ මාධ්‍යයේ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ටද රටේ ජනතාවටද කනගාටුදායක සංවේදී පුවතක් වුණා. Sri Lanka Latest News

තම නිවස අසල තමාගේම පුතුගේ මෝටර් රථයේ ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කරන්නට යාමේදී අනපේක්ෂිත අනතුරක් සිදුවුණා. ඒ අනතුර සිදුව තිබුණේ ගල ඉවත් කිරීමත් සමග මෝටර් රථය ඉදිරියට පැමිණ, එම කාන්තාව යටවීම නිසයි. අනතුරෙන් ජීවිතය අහිමි වූ කාන්තාව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සහ ජ්‍යෙෂ්ඨ කථිකචාර්ය ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන මහත්මියයි. 59 වැනි වියේ පසුවූ ඇය නුවරඑළිය වලපනේ උපත ලබා නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ මහනුවර මහාමායා බාලිකාවෙන්ද අධ්‍යාපනය ලබා තිබුණා. පේරාදෙණිය සරසවියෙන් ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය ඇය හිමිකරගත්තේ ප්‍රථම පන්තියේ සාමාර්ථයක්ද සමගිනි. 2003 වර්ෂයේදී එක්සත් රාජධානියේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී උපාධිය හිමිකරගත් ඇය, මෙරටට පැමිණ අපේ රට වෙනුවෙන් දරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්නට වුණා.
කොහුවල ප්‍රදේශයේ පදිංචිව සිටි ජානකී ජයවර්ධන මහත්මිය දියණියකගේ සහ පුතෙකුගේ මවකි. ඇගේ ස්වාමිපුරුෂයා වූයේ හේමන්ත පද්මරාජා මහතායි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විද්වත් අධ්‍යයන රැසක්ද ඇය විසින් සිදුකර තිබෙනවා.

මෙම අනතුර සිදුවීමෙන් පසු අසල්වාසීන් එක්ව කඩිනමින් ඇයව කළුබෝවිල රෝහලට රැගෙන ගියත් ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඇගේ අවසන් කටයුතු පසුගිය 09 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ සිදුකරනු ලැබුවා. ඉදිරිපත්වූ සාක්ෂි හා කරුණු සැලකිල්ලට ගෙන ශරීරයට සිදුවූ දැඩි තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව නිගමනය කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධව කොහුවල වැඩබලන පොලිස් ස්ථානාධිපති එච්.එස්. පරණගම මහතාගේ උපදෙස් පරිදි සිදුකරනු ලැබුවා. මෙම අනතුර සම්බන්ධයෙන් ජානකී මහත්මියගේ පුතු දුලන චන්දිම ජයවර්ධන මහතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඇගේ පුතු දුලන චන්දිම ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ මෙවැන්නකි.
‘කාරයේ ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත් කරනවාත් සමග කාරය ඉදිරියට ධාවනය වුණා. මමයි නෝනයි අම්මයි තුන්දෙනාම කාර් එක අල්ලලා නවත්තන්න උත්සාහ කළත් කාර් එක පහළටම ගියා. අපි දෙන්නා දෙපැත්තට පැන්නත් අම්මා කාර් එකට යටවුණා.’

‘මගේ තාත්තා කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යනවා. 07 වැනිදා දින 3කට මමයි අම්මායි මගේ බිරයයි එහේ යන්න ලෑස්ති වෙමින් හිටියේ. මගේ කාර් එක ගෙදරින් ඉදිරිපසට ගත්තත් ඒකේ කාර්මික දෝෂයක් නිසා එක පාරටම එන්ජිම නතර වුණා. අපි කාර් එකේ ඉස්සරහ රෝදෙටයි පස්සේ රෝදෙටයි ගල් තියලා කුලී වාහනයක යන්න තමයි ලෑස්ති වුණේ. ඒත් අපේ බඩු ගොඩක් තිබුණු නිසා ඒ අදහස අතහැරලා දැම්මා. ඒ වෙනකොට දවල් 1.10ට විතර ඇති. මාගේ කාර් එක නවත්තලා තිබුණේ ගේ ඉස්සරහා බෑවුම පැත්තට මුහුණ දාලා. මම කිව්වා අපි මේකේ කොහොම හරි යමු කියලා. මම ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ඉන්නකොට නෝනයි අම්මයි ඉදිරිපස ගල ඉවත්කරන්න උත්සාහ කළත් බැරි වුණා. මම ඩ්‍රයිවින් සීට් එකෙන් නැගිටිනකොටම අම්මා ගල ඇදලා ගත්තා. ඒ එක්කම කාර් එක පහළට ධාවනය වෙන්න පටන් ගත්තා. අපි තුන්දෙනාම ගිහිල්ලා ඒක නවත්වන්න උත්සාහ කළා. අපි දෙන්නා දෙපැත්තට පැන්නත් අම්මාට ඒක කරගන්න බැරිවුණා. එයා කාර් එකට යටවුණා. කාර් එක පහළට ගිහිල්ලා ගෙදර ඉස්සරහා තාප්පයක වැදිලා නතුර වුණා. අපි දිව්වා කාර් එක ළඟට. ඒත් අම්මාව කාර් එක යටවෙලා. අපි කෑගැහුවා. අසල්වාසීන් ඇවිල්ලා කාර් එක උස්සන්න බැලුවා. ඒක කරගන්නත් බැරිවුණා. පස්සේ ළ`ඟ ගරාජ් එකකින් ජැක් එකක් අරගෙන ඒක ගහලා උස්සලා තමයි කාර් එක යටින් අම්මාව එළියට ගත්තේ. ඒ වෙනකොටත් විනාඩි 30කට ආසන්න කාලයක් ගතවෙලා තිබුණා. අම්මා රෝහල්ගත කරන විට මියගිහින් කියලා අපි දැනගත්තා…’

ඇය පිළිබඳ අතිශය සංවේදී සටහන් සමාජ මාධ්‍යයේ දැකගන්නට ලැබුණා.
අගමැතිනිය හරිනි අමරසූරිය මහත්මියද ජානකී මහත්මිය ගැන මෙලෙස පවසා තිබිණි.
‘ඇය අපගේ විශ්වවිද්‍යාල මිතුරියක් පමණක් නොව, ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව බලාපොරොත්තු වෙනවා නම් බුද්ධිමය පරමාදර්ශී චරිතයක්. ඇයට ඇගේ ශිෂ්‍ය ප්‍රජාව දක්වන්නේ පුදුමාකාර ආදරයක්. අපේ සගයෙක් වගේ අපිට විශාල ආදර්ශයක් දුන්න චරිතයක්. විශාල ශක්තියක් වුණු චරිතයක්. මේ රටට ඇය නැතිවීම විශාල පාඩුවක්. 2011 සහ 2012 වර්ෂවල විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කළ වෘත්තීය අරගලය සුවිශේෂ අරගලයක් වුණා. ඇය වෘත්තීය සමිතියට පමණක් නොවෙයි අධ්‍යාපනයට විශාල කැපවීමක් කළ සමාජ අරගලයක් දක්වා ගෙනයන්නට පවා නායකත්වය දෙන්න කටයුතු කළා. ඒ විශ්වාසය අප තුළ ඇති කළා. ඒ නිහඬ චරිතය පිටුපස ඉඳගෙන නායකත්වය දුන්නේ. ලොකුවට වේදිකාවල මතුවුණේ නැහැ. අපිට ඒ අරගලය කරන්න බැරිවෙනවා ආචාර්ය ජානකි ජයවර්ධන හිටියේ නැත්නම්.’

‘චුටි උදාහරණයක් දෙන්නම්. අපි ගාල්ලේ සිට කොළඹට දින 05ක පාගමනක් කළා. ඒ වෙලාවේ තැඹිලි සහ කළු ටීෂර්ට් අඳින්න ආචාර්යවරුන්ට මුදල් තිබුණේ නැහැ. ආචාර්ය ජානකී ජයවර්ධනගේ ඉඩමක් විකුණලා ගත්ත මුදල්වලින් තමයි අපිට ටී ෂර්ට් හැදුවේ. අන්න එවැනි චරිතයක් ඇය. ඇය වැනි චරිත විශ්වවිද්‍යාලවලට අවශ්‍යයි. සමාජයට අවශ්‍යයි. ඇයගේ අහිමි වීම මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම විශාල පාඩුවක්. ඇය වෙනුවෙන් අපගේ සංවේගය පළකර සිටිනවා…’
ඇය සමග සේවය කළ හසිත් කන්දඋඩහේවා මහතා මෙලෙස අදහස් දක්වා තිබුණා.
‘බහුතරයක් දෙනා ජානකී මැඩම් ලෙස ඇමතූ ඇය, මට ජානකී නම් විය. පශ්චාත් වායුවාදයේ සිට ඇකඩමියානු ආචාරධර්ම කියාදුන් ඇය අද අවාසනාවන්ත ලෙස අප අතහැර ගිහින්. මගේ ඇකඩමියානු රැකියාවේ අන්තිම දවසේ මම ජානකී හම්බවෙන්න ගිහින් සමුගන්නා බව ප්‍රකාශ කළ වෙලේ ඇය කියපූ දේ තවමත් මට ඇහෙනවා. ඇගේ භාෂාවෙන්ම ‘හසිත් උඹලට වගේ නෙවෙයි අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඉන්නවා. උඹලා යනවා…’ ඇගේ ප්‍රශ්නය නම් ඇකඩමියාව ධරණීය සංවර්ධනයට යොමුවන්නේ කවදාද යන්නයි. ඉතින් අවසන් වතාවට ඔබට සුබ ගමන්….’

මේ, අමල් අබේසේකර මහතා දක්වා තිබූ අදහස්.
‘අද මට ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය සිහිපත් වෙනවා. ඇය දැනුමෙන් පිරිපුන් කෙනෙක්. අපිට ඇය මහත් උරුමයක් උරුම කළා. විශ්ලේෂණ සඳහා ඇයගේ ආසාව බෝවෙන සුළු එකක්. ඒ මග පෙන්වීම නොසැලෙන එකක්. කරුණාව අසීමිතයි. විශ්වවිද්‍යාලයෙන් ඔබ්බට ඇය උපදේශකවරියක්, මිතුරියක්. නිරන්තර දිරිගැන්වීමේ මූලාශ්‍රයක්. අපගේ මනස පමණක් නොව, අපගේ චරිතයද ඇය හැඩගැස්සුවා. ඇය තවදුරටත් භෞතිකව නොසිටියාත් ඉගෙනගත් පාඩම් සහ ඇතිකළ බලපෑම අපේ ජීවිතවලට මග පෙන්වනු ඇත. අප බලාගත් කාලයට අප කෘතවේදය පළකරන අතර මතකය සදහටම අගය කරමු.’
හැම කෙනකුම තමන් කළ හොඳම පමණයි අවසානයේ ගෙනියන්නේ. ඔබ කළ සමාජ මෙහෙවර ගැන ඔබ ජීවත් වූ සමාජය ඔබ වෙනුවෙන් දක්වන අදහස් තුළින් ඒ බව මනාව අවබෝධ වෙයි. අප ජීවිතය හැරයන මොහොත කිව නොහැකියි. ඒ තරමට අපගේ ජීවිත අවිනිශ්චිතයි. ඔබතුමිය සුවහසක් දරුවන්ගේ ඇස් පාදන්නට මහඟු මෙහෙවරක් කරනු ලැබුවා. ඒ වෙනුවෙන් අපි හිස නමා ආචාර කරමු. ඔබේ ගුරුහරුකම් අනාගත දරුවන්ටද මග පෙන්වනු ඇත. යළි උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමු. ඔබට සුබ ගමන්….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

චෝදනා ප්‍රතික්ෂේප කරමින් රනිල් බටලන්ද විශේෂ ප්‍රකාශය කරයි! ජවිපෙ කරපු භීෂණ ක්‍රියා ගැන 03 වැනි පරිච්ඡේදයේ තියෙනවා! අවුරුදු 25කට පසු වාර්තාවක් ගැන විවාද කිරීම‌ ලෝකේ කොහේවත් කරන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝප්, කෝපා සහ හොරොව්පොතානේ පළමු ඩීයාරෝ! Sri Lanka Latest News

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහන සහ සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගොස් ඇති...

Read more
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.