එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින රනිල් විකමසිංහ මහතා මේ දිනවල ජ්‍යොතිෂවේදීන්ගෙන් නැකැත් වේලාවන් කිහිපයක් ලබා ගෙන ඇති බව දැනගන්නට ඇත.
තමන්ගේ නම සදහන් කරමින් මැතිවරණ කොමිසමට ලිපිය යැවීම සදහා එක් නැකැත් වේලාවකුත්, පාර්ලිමේන්තුවට පිවිසීම සදහා තවත් නැකැත් වේලාවන් කිහිපයකුත් මෙසේ වික්‍රමසිංහ මහතා විසින් ලබාගෙන ඇති බව පැවසේ.
පසුගියදා සංචාරණ සීමා මැද පැවැත්වුණු කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමකදී වික්‍රමසිංහ මහතාගේ නම මන්ත්‍රී ධූරය සදහා ස්ථිර කරගෙන තිබිණ.











