ෂැංග්‍රිලා හෝටලයේ පවත්වනු ලැබූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ සීසීටීවී දර්ශන ඊයේ (04) පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කළ අතර එහිදී අදාළ දර්ශන සංස්කරණය කිරීමකට ලක් කොට ඇති බවට බරපතළ චෝදනාවක් මේ වනවිට එල්ල වී තිබේ.
සාමාන්‍යයෙන් ඕනෑම සීසීටීවී දර්ශනයක දිනය සහ වේලාව සදහන් වන නමුත් ච්නදිමාල් ජයසිංහ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබී සීසීටීවී දර්ශනවල එම වේලාව සහ දිනය මකා දමා ඇති බව පැවසේ.
එමෙන්ම පුද්ගලයන් සාදය සදහා පැමිණෙන පිළිවෙළද වෙනස් කිරීමකට ලක් කොට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.










