එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් ත්රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.
අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය පවසයි.