එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඉදිරි දින කිහිපය ඇතුළත මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ මහතා මේ වනවිට එජාප මහලේකම් ධුරය දැරුවද ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ පක්ෂයේ ප්‍රධානීන් විසින් ඒ මහතා දැරූ මහලේකම් ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඇතැයි කියාය.
එමෙන්ම රංගේ බණ්ඩාර මහතාගේ දියණිය විදෙස් තානාපති කාර්යාලයක සේවය කළ අතර, ඇයවද යළි ලංකාවට කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ආරංචිය.
මෙම තත්ත්වය යටතේ රංගේ බණ්ඩාර මහතා ඉදිරි දින කිහිපය ඇතුළත රටම හෙල්ලී යන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










