• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිවංගත පොදුජන ජනපති රණසිංහ ප්‍රේමදාසගේ 31 වන ගුණානුස්මරණය අදයි! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විශේෂ ආශිර්වාද පණිවුඩ නිකුත් කරති! I Sri Lanka Latest News

May 1, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 31 වන ගුණානුස්මරණය අදට යෙදී තිබේ.Sri Lanka Latest News

ඒ නිමිත්තෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් නිකුත් කොට ඇති ආශිර්වාද පණිවුඩ පහත දැක්වේ.

මල්වතු මහානාහිමියන්ගේ පණිවුඩය!

අස්ගිරි මහානාහිමියන්ගේ පණිවුඩය!

රාමඤ්ඤ මහානිකායේ මහනාහිමියන්ගේ පණිවුඩය!

අමරපුර මහා සංඝසභාවේ පණිවුඩය!

‘‘ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදව් කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දැරුවොත් සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතු වීමයි.’’

‘‘ඕනෑම සමාජයක දුප්පත්කම ඉවසීම අපරාධයක් ලෙස මම සලකමි.’’

රණසිංහ ප්‍රේමදාසයන්ගේ මේ වදන් තුළින් එළි දකින්නේ ඔහුගේ දැක්මයි. ඔහු දේශපාලන බලය හඹා ගියේ ඒ දැක්ම ක්‍රියාවට නගන්නටය. ඔහුගේ දේශපාලනයට අරමුණක් තිබිණ. අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. ඒ සඳහා වූ ගමනේ දී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණ.

සාන්ත බස්තියම වැනි එදා මුඩුක්කු නිවාස බහුලව තිබූ පසුබිමක හැදුණු වැඩුණු ඔහුට, ඒ ජීවිතවලට අභිමානයෙන් ජීවත්විය හැකි හෙට දවසක් ලබාදීමේ සිහිනය සහ අධිෂ්ඨානය තිබිණ. ඔහු වෙතින් අප එදා දුටුවේ, සාම්ප්‍රදායක දේශපාලනයේ රඟපෑම් නොවේ. අප දුටුවේ ඒ ජීවිතවලට අභිමානයක් ලබා දෙන්නට ඔහු තුළ තිබූ සිහිනය සහ අධිෂ්ඨානයයි.

ධනය, බලය ඉදිරියේ කොන්ද නොනමා, නිර්භීත ලෙසින් තීන්දු තීරණ ගන්නට ඔහුට ශක්තිය තිබුණේ, පැහැදිලි දැක්මක පිහිටා කටයුතු කරන නායකයකු වූ හෙයිනි.

රණසිංහ ප්‍රේමදාසයන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, අමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං ගේ ‘‘මට සිහිනයක් ඇත.’’ (I have Dream) යන සුප්‍රසිද්ධ කතාවයි.

සැබැවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, රණසිංහ ප්‍රේමදාසයන්ගේ සිහිනයේත් පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්ම විය. ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වල දී මාටින් ලූතර් කිංගේ ‘‘සිහිනය’’ මම උපුටා දැක් වූයෙමි. රණසිංහ ප්‍රේමදාසයන් ජනපති ධුරයට පත්කර ගැනීම තුළින්, අපේ සමාජය පිළිබඳව අප තුළ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑකර ගැනීම අපේ අරමුණ විය.

පොල් අතු පැළක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී නායකයෙක් විය.

පුංචි නවාතැනක ඉඩක නොමැති වූ නිසා මවුපියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට, වේලාව බෙදා හදා ගනිමින් නිදාගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමුකළ නායකයා විය.

පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

‘‘ජන සවිය’’ මේ පොළවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙන් වූ අතර ‘‘සෙවණ මාපිය කැපකරු ක්‍රමය’’ ක්‍රියාවට නැගුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය.

උදයට හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙන් පාසල් දිවා  ආහාර වැඩ පිළිවෙළ ඇරඹෙද්දී ‘‘පාසල් නිල ඇඳුම් වැඩ පිළිවෙළ’’ ක්‍රියාවට නැගුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වන්නටය.

‘‘මාවතේ අපි’’ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගුණේ, මහමඟ සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබාදෙමින් ඔවුන් නගා සිටුවන්නටය.

‘‘ උණබම්බු ගේට්ටු වැඩ පිළිවෙළ දුම්රිය හරස් මාර්ගවල දිනපතා රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබා දෙන්නට ඇරඹි අතර ‘‘ජනපති ජංගම සේවා’’ රට පුරා ගෙන ගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙන යාම පිණිසය.

 ‘‘කැපකරු ගම්මාන’’ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට අමතරව දානපතීන්ගේ සහාය ද දිළිඳු ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළට ලබා ගැනීම සඳහාය.

ප්‍රශ්නයකට ‘නැහැ, බැහැ’ කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවන්ට සෑම විටම සංවේ දී වූ ඔහු ‘‘සෙවණ අරමුදල’’ ඇරඹුවේ, රජයේ ප්‍රතිපාදනවලින් ඉටුකරගත නොහැකි ජනතා සේවාවන්ට මූලාශ්‍රයක් ලෙසිනි.

දිස්ත්‍රික්කයක් ආවරණය වන ‘‘මහා ගම් උදාව’’ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන ‘‘ප්‍රාදේශීය ගම් උදාව’’ මෙන්ම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරගත්  ‘‘සති වැඩ පිළිවෙළ’’ රටපුරා ගෙන යනු ලැබුවේ, ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටු කරගන්නටය.

සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙන යනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින්, දිසාපති ක්‍රමය වෙනුවට ‘‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’’ ක්‍රමය  ඇරඹුණේ, සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි.

පළාත් පාලන මැතිවරණවලදී ‘‘තරුණ නියෝජනත්වය සඳහා සියයට හතළිහක ප්‍රතිශතය’’ අනිවාර්ය කෙරෙන නීති පැන වුණේද, තරුණ ප්‍රජාවට නිසි පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ සහභාගීත්වය ලබාගැන්මේ අරමුණෙනි. රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති ධුරයට පත්වුණේ උතුරේ සහ දකුණේ එක ලෙසින් ගිනිදැල් ඇවිළෙමින් තිබූ පසුබිමකය.

තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනයට ලක්වීමය. රජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනයට ලක් වෙද්දී ආරක්ෂක හමුදා පවුල් ද තර්ජනයට මුහුණ දෙන්නට විය. සවස 6න් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැගිලි දේපළ ගිනිබත් වෙයි. ඡන්දය පාවිච්චි කරන්නට ගිය අය ඝාතනයට ලක්වූ. සමහරුන්ගේ අත් කැපිණ. තවත් සමහර කාන්තාවන්ගේ හිස් මුඩු කෙරිණ. ඝාතනයට ලක්වූ අයගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණ.

මේ පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබිණ. ප්‍රේමදාස ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවන් භීෂණයකින් රට වෙලා තිබූ යුගයකය.

‘‘ජීවිතවලට හානි කරන්නට එපා, මම ලැහැස්තියි, ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්න මම සූදානම්.’’

මෙය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. හෘදයාංගම ආයාචනය විය. ජීවිත හානි වළක්වාගන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර  නොලැබිණි. ජනාධිපති ධුරයට පත්ව පළමු මාස පහ පුරාම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමය උදා කරගන්නට ඔහු කොතෙකුත් උත්සාහයන් දැරීය. ඒ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථවීම තුළ, ප්‍රචණ්ඩත්වය අවසානයේ දී හමුදාව විසින් මැඩලනු ලැබිණි. ජීවිත  හානිවලින් තොරව. සාකච්ඡාවෙන් සාමකාමීව විසඳුමක් ලබාගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵලවීම ඔහුගේ වේදනාවට හේතු විය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් යටත්විජිතවාදයට මෙන්ම වර්ගවාදයටද විරුද්ධව පැහැදිලි ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියේ පිහිටා සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවල දී මනා අවබෝධයෙන් සහ ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු නිදහස් අරගලය පිළිබඳව මෙන්ම පලස්තීන නිදහස් අරගලය ඇතුළුව, යටත් විජිත ප්‍රතිපත්තියට සහ වර්ගවාදී වෙනස්කම්වලට එරෙහිව ඒ ඒ රටවල මර්දනයට සහ පීඩනයට ගොදුරුව සිටින ජනතාව කරන සාධාරණ අරගල සඳහා ද ඔහු ක්‍රියාශීලීව සහයෝගය ලබා දුන්නේය. එයින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මධ්‍යස්ථව බලා සිටීම නොව, නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන්  ක්‍රියාශීලීවීම බව පෙන්වා දුන්නේය. ජනපති රණසිංහ ප්‍රේමදාසයන් වෙනුවෙන් ලියැවුණු මේ සටහන, මා ප්‍රිය කරන ඔහුගේම ප්‍රකාශයකින් සමාප්ත කරනු කැමැත්තෙමි.

‘‘ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදව් කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දැරුවොත් සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතු වීමයි.’’

ඉම්තියාස් බාකීර් මාකාර්

SendShareShare
Previous Post

අද රට පුරා මැයි රැලි 40ක්! සැමරුම් උත්සව 19ක්! රනිල් කොටගල-මාලිගාවත්තේ! සජිත් තලවකැලේ-චැතැම් වීදියේ! මහින්ද කැම්බල් පිටියේ! අනුර ටවුන්හෝල්! මෛත්‍රී ගම්පහ!  VIDEO I Sri Lanka Latest News

Next Post

‘සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි!’ ආණ්ඩුවේ ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කරපු ලොකු චෝදනාවකට කාදිනල් හිමියෝ එළිපිට උත්තර දෙයි! පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය දෙන්න එපා! වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ සජබ-මාලිමාව විතරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.