දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් වර්ණවත් වූ ‘ජේලර්‘ නවතම චිත්‍රපටය එතෙක් මෙතෙක් දෙමළ සිනමාවේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය බවට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.Sri Lanka Latest News
ඒ අනුව ‘ජේලර්‘ චිත්‍රපටය මීට පෙර එම වාර්තාවට හිමිකම් කී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ මනිරත්නම්ගේ ‘පොන්නියන් සෙල්වන්-1‘ චිත්‍රපටය අබිබවා ගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය 10 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ එම චිත්‍රපටය නැරැඹීම සඳහා තමිල්නාඩුවේ ව්‍යාපාරික සමාගම් රැසක් සිය සේවකයන්ට චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදී නිවාඩු ලබා දී තිබූ අතර, තිරගත කිරීමෙන් දින දෙකක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.
දින 12ක් ඇතුළත රුපියල් කෝටි 566ක් ඉපයීමට එම චිත්‍රපටය සමත් වී ඇති බවද වාර්තා පෙන්වා දෙයි.










