• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්පෝට් එක අධිකරණය භාරයේ තියාගෙන රාජිතට අද ඇප දුන්නේ මෙහෙමයි! I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
පාස්පෝට් එක අධිකරණය භාරයේ තියාගෙන රාජිතට අද ඇප දුන්නේ මෙහෙමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 9 වැනිදා) නියම කළේ ය.Sri Lanka Latest News

ඒ අනුව, සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන් ඇපකරුවන් දෙදෙනෙකු ළඟ ම ඥාතීන් විය යුතු බවටත් නියම කර සිටියේ ය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම කරන ලදී.

මෙම පැමිණිල්ල අද (සැප්: 09) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගෙන් ඉකුත් තුන්වන දා අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ කොරියානු සමාගමේ අනුග්‍රහය ඇතිව විදේශ සංචාරයක නිරත වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා ය.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු “සී වූ “නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික අගැයීම් වාර්තා යනාදිය ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා ය.

ඒ අනුව මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඊට අදාළව එම සංචාරයට සහභාගි වූ මෙම සැකකරුගේ ඥාතීන් හා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව ඇය කියා සිටියා ය.

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු ලබන 23 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එම ඉල්ලීමට සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දැඩි විරෝධය පළ කළේ ය.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව විදේශ සංචාරයක නිරත වූ බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහිදී නිරත වී ඇත්තේ නිල සංචාරයක් බවත් සඳහන් කළේ ය.

ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන දේශනයක් සිදුකිරීම සඳහා සැකකරු සිය භාර්යාව සමග පමණක් මෙම සංචාරයේ නිරත වී ඇති අතර එය නිල සංචාරයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ඒ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙන බව සඳහන් කර සිටියේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සංචාරය පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෙම සැකකරුගේ ප්‍රකාශය සටහන් කළ අවස්ථාවේදී දැයි විමසීය.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් “නැහැ ස්වාමීනී. ඊට පෙරත් කරුණු හෙළිවෙලා තිබුණා. සැකකරුගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා,” යනුවෙන් සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන සාක්ෂිකරුවන් වන අසේල සංජීව පෙරේරා සහ උචිත අනුරාධ යන අයගේ ප්‍රකාශවලින් සැකකරුගේ මෙම විදේශ සංචාරය රාජකාරීමය සංචාරයක් බවට කරුණු දක්වා තිබෙන බවත් කියා සිටියේ ය.

සැකකරු අධිකරණය මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම එල්ල කර තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, ඔහු විසින් සිදු කරනු ලැබුවේ නීතියෙන් තමන්ට හිමි වී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන විවිධ අපේක්ෂිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් බව සඳහන් කළේ ය.

නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බවත් නීතියේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළේ ය.

මෙම සංචාරයට සැකකරු සමග ඔහුගේ භාර්යාව පමණක් සහභාගි වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ වුණේ, මීට වසර 13කට පෙර බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසීය.

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ සංචාරය සම්බන්ධයෙන් අදාළ කොරියානු සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළේ ය.

එහිදී සැකකරු ඔහුගේ ඥාතීන් සමඟ විදේශ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය යටතේ සිදු වූ බවට කරුණු තහවුරු කරගත් බවත් එම නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට හමුවේ කියා සිටියේ ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, “මෙම සැකකරු විදේශ සංචාරයක නිරත වී තිබෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වුණා. එම සංචාරයට සහභාගි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශත් සටහන් කරගෙන තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය වන්නේ නෑ,” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළේ ය.

ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 30 වන දා කැඳවීමට ද නියම කෙරිණි.

2013 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

SendShareShare
Previous Post

දකුණු කඳවුර කිය කියා බෙරිහන් දෙන එවුන් මේ කතාව අහපල්ලා! සජිත්ව ජෝකර් කරනකොට තමන්ගෙ වැඩක් කරගෙන වෙන නායකයන්ට කඩේ යන සජබ මන්ත්‍රීවරු ටිකත් මේ කතාව අහපල්ලා! දේශපාලනය දන්නෙ නැත්නම් අලුත් එකෙක්ගෙන් ඉගෙන ගනිල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් එක පොතක් අරන් ආවා! ඒකට රාජිත පොත් 3ක් අරන් එළියට එනවා! මේවා ඉතින් මාර පොත් තමයි…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.