රාජිත සේනාරත්න මහතා කුමක් කීවද සමගි ජන බලවේගයෙන් කිසිදු මන්ත්‍රීවරයකු ආණ්ඩුව සමග එක් නොවන බව සජබ මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී මෙසේද කීය.
‘‘සමගි ජනබලවේගයට තිබෙන ජනතා කැමැත්ත අඩුවෙමින් පවතින බව ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් එවැනි දෙයක් සිදුවෙලා නෑ. දවසින් දවස සමගි ජනබලවේගයට තිබෙන ප්‍රසාදය වැඩි වෙමින් පවතිනවා. රටේ සිදුකරන සමීක්ෂණවලින් ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජනබලවේගය. ඒ වගේම ආණ්ඩු පාර්ශ්ව කියනවා සමගි ජනබලවේගයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට එකතු වෙනවා කියලා. නමුත් තවම සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමඟ එකතුවෙලා නෑ. ඒ වගෙම පාර්ලිමේන්තුවේ සිටින රටේ අනාගය ගැන හිතන විශාල පිරිසක් සමගි ජන සන්ධානයට එකුවෙලා සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය චෝදනා තිබෙන , වංචා දුෂණ චෝදනා තිබෙන කිසිම පුද්ගලයෙන් සමගි ජනසන්ධානයට එකතු කරගන්නේ නෑ. ‘‘