සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවක් රැගෙන ආණ්ඩුවට එක්වීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගෙන තිබූ තීන්දුව අවසන් මොහොතේ අවලංගු කිරීමට ඒ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ, ආණ්ඩුවට එක්වීමට සජබයෙන් කිසිදු මන්ත්‍රීවරයකු සොයාගැනීමට සේනාරත්න මහතාට නොහැකි වීම නිසා බව පැවැසේ.
මේ හේතුව මත ආණ්ඩුව පාර්ශ්වයෙන්ද රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වා නොමැති බව දැනගන්නට තිබේ.
මේ තත්ත්වය යටතේ පසුගිය අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති රාජිත සේනාරත්න මහතා සජබ මන්ත්‍රීවරුන්ට තවත් අලුත් කතාවක් ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ, මේ වන විට ඉන්දියාවෙන් සහ ඔත්තු සේවා මගින් සිදුකර ඇති මත විමසුම්වලදී සජිත් ප්‍රේමදාස මහතා 23%ක ප්‍රතිශතයකුත්, රනිල් වික්‍රමසිංහ මහතාට 19%ක ප්‍රතිශතයකුත්, අනුර කුමාර දිසානායක මහතාට 21%ක ප්‍රතිශතයකුත් ඇති බව වාර්තා ඉදිරිපත් කොට ඇති බවකි.
ඒ අනුව, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්විය යුතු බවටද රාජිත සේනාරත්න මහතා සජබ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.










