• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෘත්‍යාධිකාරී මණ්ඩලය තහනමක් පනවා තිබියදීත් රාජිත අරලියගහ මන්දිරයට යයි! ආණ්ඩුවේ ඇමැතිවරුත් එක්ක එකතු වී සම්මාන දෙයි!

May 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෘත්‍යාධිකාරී මණ්ඩලය තහනමක් පනවා තිබියදීත් රාජිත අරලියගහ මන්දිරයට යයි! ආණ්ඩුවේ ඇමැතිවරුත් එක්ක එකතු වී සම්මාන දෙයි!
Share on WhatsAppShare on Facebook

‘හෙල්ත් ටුවරිසම්'(Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද කේෂ්ත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මේ බව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අද (12) කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.
හෙද නිලධාරිනියන්ට සහ හෙද නිලධාරීන්ට විශිෂ්ටතා සම්මන පිරිනැමීම ද මෙයට සමගාමීව සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.
ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට ආරාධනා කිරීම පිළිබදව ස්තුතිවන්ත වෙනවා. ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මේ ආකාරයට ලෝකය පුරාම යම් යම් සැමරුම් උත්සව සිදු වෙමින් පවතිනවා. අපේ රටත් එයට එක්ව සිටිනවා. හෙද කාර්ය මණ්ඩලය කරන රාජකාරිය අතිවිශිෂ්ටයි. අර්බුද අවස්ථාවලදී ඔවුන්ගේ සේවය විශේෂයෙන්ම අපට දැනෙනවා.
ඔබ කරපු සේවය පිළිබඳව හැඟීමක් රට තුළ ඇති වුණේ කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේදීයි. මේක මගේ රාජකාරිය නෙවෙයි, මෙය අවදානම් සහගතයි කියා ඔබ කිසිවිටෙක සේවයෙන් ඉවත් වුණේ නැහැ. රාජකාරිය පැහැර හැරියෙත් නැහැ. අවදානම් වුවත් රටේ ජනතාව බේරා ගැනීමේ උදාර සේවාව ඔබ අකුරටම ඉටු කළා. ශ්‍රී ලංකාව ඒ වසංගතයට සාර්ථකව මුහුණ දුන්නේ ඔබ දැක්වූ අපරිමිත කැපකිරීම නිසයි. ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ඉක්මණින් අපේ රටට වසංගත තත්ත්වයෙන් මිදීමට එය පිටුවහලක් වුණා.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා විට රට තිබුණේ ආර්ථික වශයෙන් විශාල අවදානම් තත්ත්වයකයි. විදේශ විනිමය, ඉන්ධන, ගෑස්, ඖෂධ තිබුණේ නැහැ. රටේ වැඩ කටයුතු කරගෙන යාමටවත් අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. තව දින කිහිපයක් ගියා නම් කොතැනින් කෙළවර වෙයි ද කියා කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සූඩානය, ලෙබනනය වගේ රටවල්වල තත්ත්වය අපි කවුරුත් දන්නවා. එදා රට තිබූ තත්ත්වයට වඩා අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ මූලික ගැටලු අවම වෙලා තිබෙනවා.
දැන් එතැනින් එහා ගිය ඉදිරි වැඩපිළිවෙළකට අප යා යුතුව තිබෙනවා. රටක් ලෙස අපි නිර්මාණශීලීව කටයුතු කරමු. අපි වැනි ලස්සන පරිසරයක් තිබෙන රටක හෙල්ත් ටුවරිසම් දියුණු කරන්න පුළුවන්. එමගින් විශේෂ ආදායම් මාර්ග ලැබෙනවා.
දැනටමත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එනවා වෛද්‍යවරු හමුවෙන්න. අපි ඒක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නැහැ. මෙය අපට ව්‍යාපාරයක් කර ගන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් දේවල් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතුයි.
විදෙස් රටවලට හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙනවා. ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වෙලා තිබෙනවා. ඉංග්‍රීසී භාෂාව මනා ලෙස හසුරුවන්න අවශ්‍යයි. මේ ප්‍රශ්න ටිකත් නිරාකරණය කර‍ ගෙන එහි වාසිය අප ලබාගත යුතුයි. තරුණ තරුණියන්ට අපි හොද රටක් නිර්මාණය කරදිය යුතුයි. අපි එම ඉලක්කයට යා යුතුයි. එම ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාමාර්ග අපි දැන් ගනිමින් සිටිනවා.
අද රටේ උද්ධමනය පහළ යමින් පවතින අතර බඩු මිල අඩු වෙමින් පවතිනවා. පාරිභෝගිකයාට සාධාරණයක් වන බව පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. රජයෙන් රජයට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ඔබ සියලු දෙනාට ජීවත් විය හැකි සරිලන ආදායමක් ලබා දීමට රජය කටයුතු කරනවා. ඔබ සියලුදෙනා රට වෙනුවෙන් කරන සේවයට අපේ ගෞරවය හිමි වෙනවා.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා –
ලෝකයේ ලක්ෂ ගණනින් ජනතාව සුවපත් කළ සේවාවක් තමයි හෙද සේවය. යමෙකු ගිලනුන්ට උපස්ථාන කරනවා නම් බුදුන් වහන්සේටත් උපස්ථාන කළා හා සමානයි. ඉන් ඔබ්බට හෙද සේවාව ගැන වැඩිදුර අර්ථ නිරූපණ අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් කියන අය අතරේ කුහකකම් තිබෙනවා. හෙද සේවාවේ උපාධිය වසර තුනකට අඩු කළා.
හරි නම් රට තුළ හෙද සේවාවේ උපාධිය ලබපු අය ලක්ෂ ගණනක් සිටිය යුතුයි. හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ වැඩසටහන මොන බලපෑම් ආවත් අපි නතර කරන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙන මෙම හෙද විශ්වවිද්‍යාලය තුළින් ලෝකයේ පිළිගත් උපාධි සහතිකයක් ලබා දීමයි අපේ අරමුණ. ඉදිරියේදී මේ වෘත්තීය ගැන එදාට වඩා සුබවාදීව බලා කටයුතු කරනවා. කොවිඩ් වසංගතය වෙනුවෙන් ඔබ කළ සේවාව නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජීවිත රැසක් ආරක්ෂා වුණා.

ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා
හෙද සේවාව තුළ විසදුණු ප්‍රශ්න වගේම නොවිසදුණු ප්‍රශ්න තිබෙනවා. ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේක සේවාවක් විදිහට අතිශය වැදගත් කාරණාවක්. ඉතිහාසයේදී හෙද පීඨයක් හදන්න වුවමනා වුණා. ඒ සදහා දේශපාලන අනුග්‍රහය ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතායි. මේ අවස්ථාවේ අප එය ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර හතරකදී ලබා දුන් උපාධිය වසර තුනකට අඩු කළා. වසර හතරක උපාධිය දිනා ගන්න අපි කවුරුත් සටන් කළා. හෙද පීඨයේත් උපාධිය දෙනවා. නමුත් රටට අවශ්‍ය සේවක පිරිස් හෙද පීඨයෙන් පිට කරන්න හැකියාවක් ලැබී නැහැ.

හෙද නිලධාරීන් නිලධාරිනියන් 13,000කට උසස් වීම් මෙතෙක් ලැබී නැහැ. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත එම පිරිසට උසස් වීම් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථික ව්‍යසනය නිසා රාජ්‍ය සේවකයන් බදවා ගන්නේ නැහැ. රාජ්‍ය සේවාවට සේවකයන් බඳවා නොගත්තට හෙද සේවක පිරිස් බඳවා ගත යුතු බව අප පෙන්වා දුන්නා. අවශ්‍ය සේවක පිරිස් නොමැති වුවහොත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට බලපානවා. රටට බලපානවා. ඒ අනුව හෙද සේවයට 6500ක පිරිසක් බදවා ගැනීමට අනුමැතිය ලබා ගත්තා. උසස්වීම් ලබාදීමට වගේම සේවකයන් බඳවා ගැනීමටත් අප පියවර ගෙන තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර, හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ප්‍රමිතිතා මාධවි, මහජන සෞඛ්‍ය සංවිධානයේ ලේකම් හෙද නිලධාරිනි බර්නි සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු හෙද නිලධාරීන්, නිලධාරිනියන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

ඡායාරූපය ලංකාදීප අනුග්‍රහයෙනි.

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS
SendShareShare
Previous Post

පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා!

Next Post

මොඛා යකා වෙයි! අදත් තද සුළං එක්ක හැම තැනටම වැස්ස!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.