ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීන් බින් ජාබර් ජසීම් අල් සරුර් මහතා අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජන ජීවිත ගොඩනැංවීම වෙනුවෙන් කටාරයේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටි අතර ශ්‍රී ලංකා – කටාර් ද්විපාර්ශ්වික සබඳතාවල ඇති වැදගත්කමද ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.










