පසුගිය දිනෙක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය උපන් ගම්මානය වූ රදම්පොල ප්‍රදේශයේ පැරණි හිතවතුන් පිරිසක් සමග කැලෑ වැදිීමට පියවර ගෙන තිබිණ.
ඊට අදාළ හේතුකාරණා මොනවාද යන්න පැහැදිලි නැතත් පසුව අලහප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
‘මගේ ආදරණීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය දශක ගණනාවකට පසූ නැවත ඒ ආකාරයෙන් ම අත්වින්දෙමි. පුන්ච් සන්දියේ අපි අම්මාට රහසිගව පිහිනන්නට පැමිනි එබකන්ද දොළ, මොහොට්ටි අයියා, නිහාල් ඇතුලු කිහිප දෙනකු සමග දොළේ සහ කන්දේ ගලින් ගලට පැනගොස් සේන පොඩි මල්ලි ගේ පැල්කොටය තුල ගත් ආහාර වේල, නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා. නිර්ව්‍යාජ ගැමිකම කොතරම් උත්තමද..? සුන්දර ද..?’