“කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි” යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැටෙරි මහතා අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ රුසියා ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදුන්නේය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බව ද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙි.
“ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි”යනුවෙන් ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ සඳහන් වේ.