ශ්‍රී ලංකාවේ විවාහ රූ රැජින වශයෙන් කිරුළු පැළද සිටි පුෂ්පිකා ඩි සිල්වා මහත්මියගේ කිරුළ අද දිනයේ සිට අහිමි කිරීමට විවාහක රූ රැජින සංවිධානය තීරණය කොට ඇත.
ඒ සම්බන්ධයෙන් වූ නිවේදනය අද දිනයේ නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ.
ඒ අනුව ඇයට මින් ඉදිරියට එම නාමය කිසිදු ස්ථානයක භාවිත කිරීමට තහනම් කිරීමටද එම සංවිධානය පියවර ගෙන ඇත.










