පාස්කු ඉරිදා දින මෙරටට එල්ලූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කමිටු වාර්තාවන්හි වත්මන් මහජන ආරක්ෂක ලේකම් රවි සෙෙනවිරත්න මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවට රවී සෙනෙවිරත්න මහතා ප්‍රතිචාර දක්වයි.Sri Lanka Latest News
දිවයින පුවත්පත කළ විමසීමකදී ඔහු මෙසේ අදහස් පළ කර ඇත.
“ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවදෙන්. අපි කරන්නේ
ඒවා බලාගෙන ඉන්නවා පමණයි. ඒවා ගනන් ගත යුතු
දේවල් නෙවෙයි” යැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න
මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත එල්ල වන බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේග රජය නිල වශයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සහභාගි වන කැබිනට් මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.









