• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කර තිබෙනවා. ‘ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු’ ලෙස නම්කර ඇති එම වැඩසටහන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස අප ගෙන එන්නෙමු. (Sri Lanka Latest News)

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. ඔන්න එක ජනාධිපති අපේක්ෂකයෙක් එක්තරා ඡන්ද කොට්ඨාසයක කාන්තා හමුවක් සූදානම් කරනවා.

ගැබිණි මාතාවන්ට

නිවේදකයා
ඇත්තටම මේ කාන්තා හමුව එතුමාගේ විශේෂ අවශ්‍යතාව මත තමයි සූදානම් කළේ. එහෙම නම් අපේ අපේක්ෂකතුමාට අවස්ථාව දෙනවා එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා.

ජනාධිපති අපේක්ෂකයා
බොහොම ස්තුතියි මාව හඳුන්වලා දුන්නට. සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන් අපේ කාන්තාවන්ගෙන් අවසරයි. ඉතිං මම ජනාධිපති වුණාම අපේ ආණ්ඩුවක් යටතේ අපි කාන්තාවන් බලගන්වන්න දිරිගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාන්තාවන්ට මුල් තැන දෙන්න සම තැන නෙවෙයි මුල් තැන දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මාතෘ මූලික සමාජයක් නැවතත් ලංකාව තුළ ගොඩනැගීමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම අපි දකිනවා අද ගැබිනි මාතාවන්ට, විවාහ වෙලා ඉන්න කාන්තාවන්ට, දරුවෙක් හදාගන්න පුළුවන් තත්ත්වයක් නෑ. අපි බලයට පත්වුණු වහාම විවාහ වෙච්ච දවසේ ඉඳලා අපි කාන්තාව සූදානම් කරවනවා ඒ දරු ප්‍රසූතිය සඳහා. විවාහ වෙච්ච දවසේ ඉඳලා විශේෂයෙන් අපි ෆෝලික් ඇසිඩ් අපේ ආණ්ඩුව ගානේ, ඒ වගේම කෑම වේලක් ලබාදෙනවා. හොඳ ගුණදායක ආහාර අපි ලබාදෙනවා අපේ ආණ්ඩුව යටතේ.

ඒ වගේමයි ඒ ගැබ් ගත්තට පස්සේ ඒ ගැබිනියට අපි ආහාර වේල, පලතුරු, අවශ්‍ය පෝෂණය සියලු දේවල් ඒ විදියටම බත් පිඟානක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ක්ලීනික් යන්න අපේ ආණ්ඩුව යටතේ වාහනයක් ලබාදෙනවා. ඉස්පිරිතාලෙට යන්න ඕනේ නම් ඒ.සී. වාහනයක් ලබාදෙනවා. මේ සියල්ල අපි නොමිලේ ලබාදෙනවා. ඒ කියන්නේ දරු ප්‍රසූතිය දක්වා සම්පූර්ණයෙන් අපි ඒ කාන්තාව බලාගන්න අපි මේ වෙලාවේ ඔබ වෙනුවෙන් පොරොන්දු වෙනවා. මට එක දෙයක් අමතක වුණා. අපි ඒ මනමාල මහත්මයට විවාහ වෙච්ච දවසේ ඉඳලා හැම දාම උදේට පෙනෙල කැඳ එකක් ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා.



ගොවියන්ට

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. ඔන්න තවත් ජනාධිපති අපේක්ෂකයෙක් ගොවි ජනතාව වෙනුවෙන් රැස්වීමක් ලෑස්ති කරලා, ඒ ගොවි මහත්තුරු අමතන්නයි සූදානම් වෙන්නේ.

නිවේදකයා
අද ගොවි සමිතියේ පිරිස තමයි අපි මේ ඒකරාශී කරලා තියෙන්නේ. අපේ අපේක්ෂකතුමාට අවස්ථාව ලබාදෙනවා සභාව ඇමතීමට.

ජනාධිපති අපේක්ෂකයා
ආයුබෝවන්. අපි අහලා තියෙනවා කතාවක් මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා. ඒක කතාවක් විදියට විතරයි මෙතෙක් කරපු කට්ටිය කිව්වේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න. ගොවි ජනතාවට අපි දෙනවා පොරොන්දුවක්. ඒ මොකක්ද? මීට පස්සේ ගොවියා කුඹුරට එන්නේ නෑ. ගොවියා හේනට එන්නේ නෑ. ගොවියාගේ ඉඩම තියෙනවා. ගොවියා ගෙදර ඉන්නවා. අපි රජය ගානේ කුඹුරට එනවා. කුඹුර සුද්ද කරලා ලියැදි බඳිනවා, වතුර බඳිනවා, හානවා. මේ ඔක්කොම රජයෙන් නොමිලේ. නොමිලේ හාලා, වී ඉහිනවා. ගොයම රකිනවා. අස්වැන්න රකිනවා.

හේන්වලටත් එහෙමයි. ඒ සියල්ල ආණ්ඩුවෙන් රැකලා දෙනවා. ඊට පස්සේ ගොයම් කපලා, වී අරගෙන, වී වැඩි මිලට විකුණලා, ඒ සල්ලි ගෙදර නිකං ඉන්න ගොවියට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙන ඒ අපූරු ක්‍රමයක් මම ජනාධිපති වුණාම හදනවා කියන එක මේ අවස්ථාවේදි මතක්ක කරන්න කැමැතියි.


ධීවරයන්ට

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. තවත් අපේක්ෂක මහත්තයෙක් ධීවර ප්‍රජාව හමුවෙන්න ගිහින්.

නිවේදකයා
හොඳයි එහෙනම් අපේ ධීවර සහෝදරවරුනි, අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපේ ජනාධිපති අපේක්ෂකතුමාගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වුණු ඔය සියලු දෙනාම අපි ගෞරවයෙන් පිළිගන්නවා. එහෙම නම් මම ආරාධනා කරනවා ධීවර ජනතාව අමතා වචන ස්වල්පයක් කතාකරන්න අපේ ජනාධිපති අපේක්ෂකතුමාට. ජය වේවා…

ජනාධිපති අපේක්ෂකයා
ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මම ඉතා කෙටියෙන් කතාවක් කරන්නම්. මේ ධීවර සහෝදරයෝ හරිම අමාරුවෙන් මේ මාළු අල්ලගෙන ජීවත් වෙන්නේ කියලා අපි දන්නවා. ඒක නිසා අපි මේගොල්ලන්ට බෝට්ටු දෙනවා, දැල් දෙනවා, බිලී කොකු දෙනවා. නොමිලේ දෙන්නේ ඔක්කොම. ඒ වගේම බිලී පිතිත් දෙනවා. බෝට්ටුවලට ගහන්න ඉන්ධන දෙනවා. නොමිලේ. ඊළඟට බෝට්ටුවේ ගියාම අපි දන්නවා රෑටත් නතර වෙන්න වෙනවා. ඒ රෑ කෑම වේල අපේ රජයෙන් නොමිලේ දෙනවා. ඔක්කොම නොමිලේ දෙන්නේ.

ධීවරයෝ මූදට ගියාම සමහර ගෙවල් අනාරක්ෂිතයි. ඒකට අපි ආරක්ෂාව සපයන්න බලාපොරොත්තු වෙනවා. මොකද නෝනලා විතරයි ගෙදර ඉන්නේ ළමයි එක්ක. විශේෂයෙන්, දැන් අපි දන්නවා විශේෂ දෙයක්. දැල් දාගෙන ඉන්නවා මූදේ ගිහිල්ලා. දැල ඇද්දම මාළු දෙන්නයි තුන්දෙනයි. අපි රජයේ බෝට්ටු, ඒ කියන්නේ නාවික හමුදාව එහෙම යොදාගෙන ඒ දැල්වලට මාළු දක්කන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ කියන්නේ දැල දාගෙන ඉන්නවා ධීවරයා. ආණ්ඩුවෙන් මාළු ටික දක්කගෙන එනවා දැලට. බලන්න කොච්චර ලස්සනද කියලා. එතකොට ධීවරයට තියෙන්නේ දැල දාලා, දැල ඇදගෙන බෝට්ටුවට දාගෙන එන්නයි. අපිට පුළුවන් ඒ දක්කන වැඩේ හොඳට. ඒ වගේ මාළු දක්කන ව්‍යාපෘතියක් අපේ රජයෙන් ආරම්භ කරනවා.



රාජ්‍ය සේවකයන්ට

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. තවත් ජනාධිපති අපේක්ෂකතුමෙක් රාජ්‍ය සේවකයන් පිරිසක් කැඳවලා ඔවුන්ව ජනාධිපතිවරණය ගැන දැනුවත් කරන්න සූදානම් වෙනවා.

නිවේදකයා
හොඳයි අද මෙතැනට ඇවිල්ලා ඉන්නේ අපේ රජයේ සේවක මහත්තුරු නෝනලා. අපේ ජනාධිපති අපේක්ෂකතුමා මාත් එක්ක ඉන්නවා. එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඔබ ආපු එක ගැන අපි සතුටු වෙනවා. ඒ අවශ්‍ය අඩුමකුඩුමත් තියෙනවා. ඒවත් මේ රැස්වීමෙන් පස්සේ කන්න බොන්න පුළුවන්. අපේ මහත්තුරුන්ට අවශ්‍ය දේවල් පිටිපස්සේ තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඔබ අමතා වචන ස්වල්පයක් කතාකරන හැටියට.

ජනාධිපති අපේක්ෂකයා
ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන් වන ඔබව අපි රකිනවා. මම කෙටියෙන් කියන්නම්. ඔබගේ පඩිය ඔබට හොඳටම මදි. ඒක නිසා අපි ඔබේ පඩිය දෙගුණ කරනවා.

නිවේදකයා
යේ… ගහන්න ගහන්න අප්පුඩියක් ගහන්න….

ජනාධිපති අපේක්ෂකයා
දෙගුණ කරනවා. ඔය දහදාහ දෙනවා, විසිදාහ දෙනවා නෙවෙයි. අපි කෙළින්ම දෙගුණ කරනවා. ඊළඟට රජයේ සේවකයන්ට අපි වැඩ නැතිකරනවා. වැඩට එනවා තමයි ඒත් වැඩ කරන්න ඕනේ නෑ. මොකක්ද කරන්නේ? උදේ එනවා අස්සන් කරනවා, නැත්නම් ඇඟිල්ල තියනවා. තේ බොනවා. ඊට පස්සේ පත්තරේ බලනවා. ආයේ 10ට තව තේකක් බොනවා, පත්තරේ බලනවා, පොඩි කයියක් ගහගෙන ඉඳලා 12 වෙද්දී කනවා. ඊට පස්සේ කැරම් අතක්, කාට් අතක් ගහලා හැන්දෑවේ තුනහමාර වෙනකොට කයිය ගගහා ඉඳලා ලෑස්තිවෙන්න තියෙන්නේ ගෙදර යන්න. ඊට පස්සේ හතරයි කාල වෙනකොට ඇඟිල්ල තියලා එහෙම නැත්නම් අස්සන් කරලා යන්නයි තියෙන්නේ. වැඩ කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඒ තැනට අපි රජයේ සේවකයව ගේනවා.


තරුණ තරුණියන්ට

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. ඔන්න දැන් අපේ ජනාධිපති අපේක්ෂකයා තරුණයෝ පිරිසක් අමතන්න සූදානම් වෙන මොහොත.

නිවේදකයා
ඔන්න තරුණ තරුණියන් හමුවෙන්න අපේ අපේක්ෂකතුමා ඇවිල්ලා ඉන්නවා. අපි දන්නවා තරුණ ඡන්ද එතුමාට තමයි ලැබෙන්නේ කියලා. නමුත් එතුමා කැමැතියි ඔබ සැම අමතා වචන ස්වල්පයක් කතා කරන්න.

ජනාධිපති අපේක්ෂකයා
හොඳයි, අපේ නංගලි මල්ලිලාගෙන් අවසරයි. අපි දන්නවා තරුණ තරුණියන්ට මොනවද ඕනේ? තරුණ ජීවිතේ සතුටින් ගතකරන්නයි ඕනේ. ඉතින් මම ආවම බලාපොරොත්තු වෙනවා අපේ තරුණ තරුණියන්ට ටික්ටොක් කරන්න අවශ්‍ය පහසුකම් සහිත ජංගම දුරකතනයක් නොමිලේ ලබාදෙන්න. කොල්ලෝ ඩෙනිමක් ටීෂර්ට් එකක් අඳින්න, ගෑනු ළමයි ටයිට් ඩෙනිමක්, ටීෂර්ට් අඳින්න ආසයි. ටැටූ ගහන්න ආසයි. කන් විදින්න ආසයි. ඒ හැම දේම රජය ගානේ. ඇත්ත වශයෙන්ම අපි තමන්ට කැමැති ඩිසයින් එකකින් පච්ච කොටන්න ඒ ළමයින්ට අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම අපි ආණ්ඩුව ගානේ බීච් පාටි ඕගනයිස් කරනවා තරුණ තරුණියන්ට ෆන් එකක් ගන්න.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කොල්ලන්ගේ අතට බ්‍රේස්ලට් එකක්, ගෑනු ළමයින්ගේ බෙල්ලට චේන් පොටක් වගේ දේවල් ලබාදෙන්න. ඒ වගේම අපි දන්නවා අද තරුණ තරුණියන්ට ප්‍රේම කරන්න අවස්ථාවක් නෑ. ඒ සඳහා අපි තැන් කීපයක් යෝජනා කරලා පාක් හදලා ඒකට අවස්ථාව ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒවා රජයට පවරගෙන ඒවා ප්‍රේම කිරීම සඳහා පමණයි. ඒ වගේම තරුණ තරුණියෝ ෆිල්ම් හෝල්වලට ගිහින් ආදරේ කරනවා. බොක්ස්වලට යනවා. නිකන් පුටු දෙකක් ඒකේ තියෙන්නේ. එහෙම නෙවෙයි අපි තව ටිකක් බොක්ස් වැඩිකරලා, ඒවා ටිකක් අඳුරු කරලා, තව ටිකක් දියුණු කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ බොක්ස් එකට පොඩි ඇඳකුත් දාලා දෙන්න.


පොකට් ගහන්නන්ට

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. ඔන්න තවත් අපේක්ෂකයා වෙනම ප්ලෑන් එකක් ගහලා අමුතුම රැස්වීමක් සංවිධානය කරලා. ඒකට කැඳවලා තියෙන්නේ ගැට කපන්නෝ, පොකට් ගහන්නෝ සහ සුදුවා පාවිච්චි කරන අය. ඒ රැස්වීමට තමයි වැඩිම පිරිසක් ඇවිල්ලා ඉන්නේ. හෝල් එකක තමයි මේ රැස්වීම පවත්වන්නේ.

නිවේදකයා
හොඳයි, ඔබතුමාලා කවුද කියන්න අපි දන්නවා. අපි දන්නවා ඔය පොකට් එකක් ගහලා, නැතිබැරිකමට මාලයක් කඩලා ජීවිතේ ගෙවාගන්නවා කියලා. ලොකු ගානක් වියදම් කරලා අඩියක් පුඩියක් ගහන්න බැරි හින්දා වෙලට බැහැලා ගමේ බඩු ටිකක් බීලා ඉන්න අපේ අයියලා, අංකල්ලා ටිකක් මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි ආරාධනා කරනවා අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඔබතුමාලාව අමතලා වචන ස්වල්පයක් කතාකරන්න කියලා.

ජනාධිපති අපේක්ෂකයා
ඇත්ත වශයෙන්ම මම කෙටියෙන්ම කියන්නම් මෙතැන ඉන්නවා අපේ නිවේදකතුමා කිව්වා වගේ පොකට් සුද්ද කරන, චේන් කඩන අය. ඒගොල්ලන්ට තියෙන්නේ අරගෙන ඇදගෙන දුවන එක කරන්න. ඇදගෙන දුවනකොට මොකද කරන්නේ? ඊට වඩා හයියෙන් දුවන්න පුළුවන් අය ඇවිල්ලා ඒගොල්ලන්ව අල්ලගෙන බිම දාගෙන ගහනවා. ඒවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි 1000 සීසී මෝටර් බයික් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මාලේ කැඩුවා මෝටර් බයික් එකේ නැගලා ගියා.

ඊළඟට ගමේ ගොඩේ බීම ජාති පානය කරන අය ඉන්නවා. අපි ඒක නීතිගත කරනවා අනිවාර්යයෙන්ම. ඕනේ කෙනකුට පෙරාගෙන බොන්න පුළුවන්. ඊට අමතරව රජයෙන් ඒක දියුණු කිරීමට, උනන්දු කිරීමට කටයුතු කරනවා. සමහර කඩවල, ආර්ථික මධ්‍යස්ථානවල, දේවාලවල ගොඩගහලා තියෙනවා පලතුරු. ඒවා අරගෙන රජය ගානේ පෙරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පොලිසියෙන් එනකොට දුවන්න, බැරල් ඇළට පෙරළන්න ඕනේ නෑ පාඩුවේ අඩියක් ගහලා සතුටෙන් ඉන්නයි තියෙන්නේ.


අපේක්ෂකයෝ

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ඡන්දේ ළංවෙනකොට දෙන පොරොන්දු. ඔන්න එක ජනාධිපති අපේක්ෂකයෙක්ගේ රහස් සාකච්ඡාවක් පවත්වන වෙලාවේ එතැනට එනවා වෙනත් පක්ෂයක කණ්ඩායමක්. ඒ අය එන්නේ ජනාධිපති අපේක්ෂකයගේ දෑත් ශක්තිමත් කරන්න. මේක රැස්වීමක් නෙවෙයි. පුංචි කාමරේක සිදුවෙන සාකච්ඡාවක්. මාධ්‍යවේදියෝවත් කැමරාවක්වත් නැහැ.

විරුද්ධ පක්ෂයේ නියෝජිතයා
අපේක්ෂකතුමා, මම ඇතුළුව අපි 15 දෙනෙක් ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. මම තමයි ඒ 15 දෙනාව ලෑස්ති කළේ කියලා ඔබතුමා දන්නවනේ. දැන් මේ 15 දෙනාට මම එක එක දේවල් කියලා තියෙන්නේ. ඔබතුමා කරනවා කිව්ව දේවල්. ඔබතුමාම ඒ ටික ඒ අයට කිව්වොත් හොඳයි. අපි ඔබතුමාගේ පැත්තට ආවට, ඔබතුමා මොනවද අපිට දෙන්නේ කියන එක.

ජනාධිපති අපේක්ෂකයා
මෙහෙමයි. මට පොරොන්දු වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් දෙනවා කියලා. අපි පස්දෙනකුට ඇමැතිකම් දෙනවා. ඉතුරු දහදෙනාට නියෝජ්‍ය ඇමැතිකම් දෙනවා. ඊළඟට අපි ඕගොල්ලෝ සියලු දෙනාටම වාහන පර්මිට් එක ගානේ දෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ හොයාගෙන කරන ව්‍යාපෘතිවලින් 50%ක් ඕගොල්ලන්ට දෙනවා. අපි හොයලා දෙන ව්‍යාපෘතිවලින් 25%ක් ඕගොල්ලන්ට හම්බවෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට නිල නිවාස දෙනවනේ, ඒ නිල නිවාසවල ලයිට් බිල්, වතුර බිල්, ගෑස් බිල්, වාහනවලට තෙල්, නෝනලට දෙන වාහනවලට තෙල්, ළමයින්ට දෙන වාහනවලට තෙල් සියල්ල නොමිලේ දෙනවා. ඊළඟට ඕගොල්ලන්ගේ නිල නිවාසයට අමතරව වෙන පොඩි නිවාසයක් දෙනවා. ඒක දැනට කොහෙද කියලා කියන්නේ නෑ. ඒක ඕගොල්ලන්ගේ ප්‍රයිවට් ජොබ්ස්වලට. ඒ වගේම ඕගොල්ලෝ කරන කිසිම දෙයක් කවුරුවත් හොයන්න කෙනෙක් නෑ. ඕගොල්ලන්ට තියෙන්නේ මේකේ ඇති තරම් කාලා බීලා ජොලියේ ඉඳලා යන්න. කවුරු මොනවා කිව්වත් ඒක නවත්තන්න බෑ. මට ඕගොල්ලෝ දුන්න සහයෝගයටයි මම මේ රිටන් එක දෙන්නේ.

SendShareShare
Previous Post

ජවිපෙ සැබෑ නායකයා කුමාර් ගුණරත්නම් කතාකරන්න පටන් ගනී! 88-89 කාලෙ ගැන සජබය කරන චෝදනා වෙනුවට ජවිපෙ උත්තර නොදී සද්ද නැතිව ඉන්නවා! දැන් ජවිපෙ ප්‍රතිපත්ති පාවාදීලා හැමෝම සතුටු කරන්න එක එක වෙලාවට එක එක දේවල් කියනවා! Sri Lanka Latest News

Next Post

රනිල් කොයිබටද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.