• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක ‘මහින්ද-ටිල්වින්’ හයිබ්‍රිඩ් අයවැයක්! උඩින් ඉන්නේ මහින්ද! යටින් ඉන්නේ ටිල්වින්! එකකට එකක් පෑහෙන්නේ නැති කරුණු අමුණලා දෙපැත්තම සතුටු කරන්න ගැටගහපු එකක්! යන්නේ ‘ඩෙඩ් එන්ඩ්’ එකකට! අයවැය ගැන මහාචාර්ය චරිතගෙන් අමුතු අනාවරණයක්! I Sri Lanka Latest News

February 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් මේ කරන්නේ පරණ ‘යළි පුබුදමු’ වැඩසටහනමයි! ඒකට රනිල් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු 113ක් හයි කරලා! නැගිටපන් කිව්වම නැගිටිනවා! අත උස්සපන් කිව්වාම අත උස්සනවා! මාතරත් ඉන්නවා සිග්නල් කණු 3ක්! මුන්ට ‘දුවපාන්.. දුවපාන්..’ කියලා මිනිස්සු කියන දවස ළඟ එනවා! චරිත හේරත් මාතරටම ගිහින් සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අය-වැය ප්‍රකාශය පිළිබදව විවිධ අදහස් මේ වන විට මතු වෙමින් පවතී. රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධ ගැටලුව බොහෝ අයගේ අවධානයට ගොස් තිබෙන්නේ මාලිමාවේ නායකයෝ විපක්ෂයේ සිටින කාලයේ කියූ දේවල් හේතුවෙන් ය. අත්‍යාවශ්‍ය ආහාර සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයට සම්බන්ධ බදු තමනගේ පළමු අයවැයෙන්ම අයින් කර දමන බව මාලිමාවේ ප්‍රධානියාම කියු බව ඊයේ 360 වැඩසටහනේදී ඍජුවම විමසන ලදුව පිළිතුරු නැති ප්‍රශ්නයක් වූ බව බොහෝ අය දකින්නට ඇත.Sri Lanka Latest News

අයවැය සම්බන්ධ මගේ ඍජු ‘කියවීම’ වන්නේ මේක ‘හයිබ්‍රිඩ්’ අයවැයක්’ බව යි. ඒ කියන්නේ එකට එකක් පෑහෙන්නේ නැති අන්ත දෙකකින් කරුණු අමුණා දෙපැත්තක් සතුටු කරන්නට ‘ගැට ගැසූ’ අයවැයක් බවයි. මේ ගැට ගැසීම එකිනෙකට පරස්පර වන බොහෝ තැන්වල කිසිදු ප්‍රගතියක් ලබන්නට නොහැකි ‘ඩෙඩ් එන්ඩ්’ (dead end) බවට පත්වීම වැළැක්විය නොහැකිය.

අයවැයේ මූළධර්ම (Budget Priniciples) කොටස බලන්න. එහි පළමුවෙන් කියන්නේ මේ අයවැයේ මූළධාර්මික පදනම වන්නේ ‘කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මානතය යන ක්ෂ්‍රේත්‍රවල නිෂ්පාදනය වර්ධනය කිරීම’ බවයි. මේ මූලධර්මය රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැයවල සිටම මහින්ද සිරිවර්ධන මහතා ඇතුලු නිළධාරීන් ඉදිරිපත් කරන මූලධර්මයයි. මෙහි කිසිදු වැරැද්දක් නැ​ති අතර මේ ක්ෂ්‍රේත්‍ර 3 වර්ධනය කිරීම අපේ ආර්ථිකයේ අත්‍යාවශ්‍ය සාධකයක් බව පැහැදිලිය. මේ මූලධර්මය ඉටු කරගැනීම සදහා භාවිතා කරන උපක්‍රමය හෙවත් (Machanism of operation) ඊට යටින් දක්වා ඇත. එයින් කියන්නේ මේ සදහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදය වන්නේ ‘වෙළදපොළ බලවේග ඔස්සේ ඉල්ලුම සැපයුම සහ මිළ තීරණය කරන තරගකාරී වෙළදපොළ’ බවයි. ඒ අදහසත් ඉතාමත් පැහැදිළි සහ නිවැරිදි එකකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය තුළ ඉතාමත් පැහැදිලිව තිබු මේ අදහස මේ අයවැය තුළත් අමාත්‍යංශ ලේකම්වරයාගේ යෝජනාවෙන් නිශ්චිතවම දක්වා ඇති බව මගේ තේරුම් ගැනීමයි.

ඊලගට මේ මූලධාර්මික කොටසේ (Budget Priniciples) සහ උපක්‍රම කොටසේ (Machanism of operation) ටිල්වින් සිල්වා මහතාගේ යැයි හැගෙන කොටස් වෙත අවධානය යොමු කරන්න. එහි දැක්වෙන ආකාරටය ඉහතින් කියු ‘කර්මාන්ත, සේවා, කෘෂිකර්මාන්තවල වෙළදපොළ ඔස්සේ සිදුකරන වර්ධනය’ (අවධාරණය මගේ) ‘නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ වර්ධනයන් සමාජය පුරා සාධාරණව බෙදී යා යුතු’ බව දක්වා ඇත. උඩින් තියෙන්නේ පෞද්ගලික ව්‍යවසායකත්වයන් හරහා වෙළදපොළ විසින් තරගකාරීව ‘ආර්ථික වර්ධනය හෙවත් Economic growth’ එකක් ලබා ගත යුතු බවයි. යටින් කියන්නේ ඒ වර්ධනය (පෞද්ගලික වෙළදපොළ වර්ධනය) සාධාරණව බෙදී යා යුතු බවය. උඩින් ඉන්නේ මහින්ද සිරිවර්ධන මහතා වන අතර යටින් සිටින්නේ ටිල්වින් සිල්වා මහතාය. (පිටුව 6-7)

මේ හයිබ්‍රිඩ් ගතිය මුලු අය වැය පුරාම පෙන්නුම් කෙරේ. එක තැනක කියන්නේ ‘ කලාපීය විස්තීර්ණ් ආර්ථික හවුල්කාරීත්වයන් (RCEP) හා නිදහස් වෙලද ගිවිසුම් (FTA) ගහන බවය (පිටුව 9). වෙනත් තැනක කියන්නේ සමහර අවස්ථාවල ‘ආයෝජන ගෙනෙන සමාගම හෝ රට නොසලකා කටයුතු කරන බවයි (පිටුව 21). උඩින් ඉන්නේ මහින්ද සිරිවර්ධන මහතා යටින් ඉන්නේ ටිල්වින් සිල්වා මහතාය.

රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධ ස්ථාවරය බලන්න. එක තැනක කියන්නේ සමහර රාජ්‍ය ව්‍යවසායයන් (SoE) වල පාලනය, මුල්‍ය විනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීම සදහා පරිපාලක සමාගමක් හෙවත් Holding Company එකක් යටතට ගන්නා බවය. (පිටුව 16). එසේම ඊට යටින් පිටුවක කියන්නේ දැවැන්ත පාඩු සහ ණය කන්දක් සහිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේඑ බැංකු ණය ගෙවීම සදහා රුපියල් මිලියන 20,000 හෙවත් බිලියන 20 ක් ආණ්ඩුවෙන් ලබා දෙන බවයි. උඩින් සිටින්නේ මහින්ද සිරිවර්ධන මහතාය. යටින් සිටින්නේ ටිල්වින් සිල්වා මහතාය.

රජයේ වතු සමබන්ධව යෝජනාව බලන්න. අයවැයට අනුව රජයේ ඉඩම් (එනම් LRC ඉඩම්, ප්‍රාදේශීය වැවිලි සමාගම් ඉඩම් (කුරුණෑගල වැවිවි සමාගම/ හලාවත වැවිලි සමාගම/ ඇල්කඩුව වැවිලි සමාගම වැනි ඒවාට අයත් ඉඩම් විය යුතුයි), NLDB ඉඩම්, JEDB ඉඩම්) සංවර්ධනය කිරීම සදහා පුද්ගලික ආයෝජකයින්ට ලබා දීමට කටයුතු කරනු ඇත. (පිටුව 23) . එතනම යටින් කියන්නේ රාජ්‍ය සමූපකාර යටතේ වූ ගොවිපොළවල් රජයේ ඉඩම් මුල් කර ගනිමින් පිහිටවන බවයි. උඩින් ඉන්නේ මහින්ද සිරිවර්ධන මහතාය. යටින් ඉන්නේ ටිල්වින් සිල්වා මහතාය.

මේ අනුව් මෙවර අයවැය පැරනි වික්‍රමසිංහ ප්‍රතිපත්තිය මුළින් දමමින් එහි සැර බාල කරන්නට ඊට යටින් ජවිපෙ පැරනි ප්‍රතිපත්ති දමමින් සිදු කරන ලද ‘මැලේ අච්චාරු’ ගනයේ එකකි. මැලේ අච්චාරුවේ මෙන් මෙහි අපි කැමති රතු ලූනු කෑලිත් අකමැති සුදුලූනු කෑලිත් තිබෙන බව සැබෑවක් ය. එහෙත් මෙය හුදු දෙපැත්තම ඇතුලත් වන පරිදි ‘නම් දමා ගැසීමක්’ මිස ප්‍රායෝගික වැඩ පිළිවෙළක් වීමේ ඉඩක් පෙනෙන්නේ නැති අයවැයක් බව මගේ අදහසය.

(මෙතන මහින්ද සිරිවර්ධන සහ ටිල්වින් සිල්වා යැයි අදහස් කළේ ඒ මහත්වරුන් දෙදනාගේ පෞද්ගලික වපසරියන් පිළිබද අදහසින් නොව ප්‍රතිපත්ති ස්ථාවරයන් දෙකක් නියෝජනය කිරීමේ අර්ථයෙනි.)

චරිත හේරත්

SendShareShare
Previous Post

විපක්ෂය හරි නෑ.. හරි නෑ කියද්දී අනුරගේ අයවැයට වාණිජ මණ්ඩලය හොඳ කියයි! I Sri Lanka Latest News

Next Post

අයවැය විවාදය මැද්දේ දයාසිරි හදිසියේම ගිහින් ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවුණේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.