විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු සභික, වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අද සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූ ඒ මහතා 2016-2017 කාලයේ වරාය අධිකාරියේ වැඩබලන සභාපතිවරයා ලෙසත් එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් කටයතු කර ඇති අතර ඊට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරු රැසක්ම දරා ඇති ඒ මහතා ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය විෂයට අදාළව පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක්ද ප්‍රකාශයට පත් කරවා තිබේ.









