නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව විදුහල්පති සේවා සංගමය පවසනවා. (Sri Lanka Latest News)
එහි ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම ගැටලුවට විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවයි.
මේ අතර, මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් 50 දෙනෙකුට පමණ ස්ථාන මාරු ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාරක පන්ති නොපවත්වන ලෙස දැනුම් දී ඇති පසුබිමක ඊට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන්.
hirunews










