ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් හා 35% ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි.
එයට ප්‍රධාන හේතුව ශරීර සුවතා පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ශරීර සුවතා ඒකක ඉදිරියේදී රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.










