ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා සදහන් කොට ඇත.
මීට අමතරව මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වෙනුවට ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා පත්කිරීමටද ජනපතිවරයා කටයුතු කොට තිබේ.
බණ්ඩාරනායක මහතා වසර 2ක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යංශයට පත්වූ 5 වැනි ලේකම්වරයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙයි.
2022-01-01 දින සිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතාව ජනපතිතුමා විසින් පත් කරනු ලැබුණා.#lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) December 22, 2021
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව ජනපතිතුමා විසින් පත් කරනු ලැබුණා.#lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) December 22, 2021










