සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උත්සව සහ විවිධ සාද සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
ඒ අනුව දැනට පවතින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත ට සංශෝධන කිහිපයක් එකතු කර තිබේ.
දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.
ඒ අනුව රැස්වීම්, ඒකරාශීවීම් වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊයේ දින ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විපක්ෂය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවකි.
ඒ අනුව ලබන 16 වැනිදා සමගි ජන බලවේගයේ විරෝධතාව පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව දැනගනන්ට ඇත.










