ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP27) සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලය යටතේ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මෙන්ම නෝර්වේ හිටපු පරිසර හා දේශගුණ අමාත්‍ය එරික් සෝල්හයිම් සමගද මේ පිළිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සමඟ පරිසරය පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙම සංචාරයට සහභාගි වීමට නියමිතය.
COP27 සමුලුව නොවැම්බර් 6 වැනිදා ආරම්භ වී නොවැම්බර් 18 වැනිදා අවසන් වීමට නියමිතය.










