නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.
ඒ අනුව මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා සහ ආර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට පැමිණියහ.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ජනපති ධජය භාවිතා නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එම ධජයද මේ උත්සවයේදී නොඑසවෙන බව ඔහු සඳහන් කළේය.










