• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිකම දක්වා එන්න මුලපුරපු තැනට අද හදිසියේම ජනාධිපති රනිල් ගියේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

January 25, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ජනාධිපතිකම දක්වා එන්න මුලපුරපු තැනට අද හදිසියේම ජනාධිපති රනිල් ගියේ ඇයි? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. (Sri Lanka Latest News)

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බව සඳහන් කළේය.

ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරය, සාංචි චේතිය විහාරය (ඉන්දියාව), ලංකාජි විහාරය (ජපානය) යන විහාරයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ සභාපති පූජ්‍ය භානගල උපතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරය යන විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති පූජ්‍ය භානගල විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි .

විහාරස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධ මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ රන් වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය භානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අබේසේකරාරාමය මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධානම විහාරස්ථානයයි. මම පළමු වරට මෙම ස්ථානයට පැමිණියේ බියගම ආසන සංවිධායකවරයා ලෙසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බියගම අපේක්ෂකයා ලෙසයි. එදා මේ බියගම ඉතා නොදියුණු ප්‍රදේශයක්.

කොපමණ නොදියුණුද කියනවා නම් මීට වඩා නොදියුණු අගලවත්ත විතරයි කියලා ඇතැමුන් පැවසුවා. ඒත් අපට කියන්න සිද්ධ වුණා අගලවත්තේ තේ වතු, රබර්වතු,තේ කර්මාන්තශාලා තිබෙනවා කියලා. නමුත් බියගම තිබුණේ මේ තෙල් පිරිපහදුව පමණයි.

සමහරු කිව්වේ මේ ආසනයේ ආර්ථිකයක් නැහැ, මෙය හරියට නිදන කාමරයක් වගේ උදේ පිටවෙනවා, නිදා ගැනීමට සවසට මෙහි පැමිණෙනවා කියලා. කෙසේ හෝ එම මැතිවරණ කාලයේ මම ජීවත්වුණේ මේ අසළ තිබු නිවසකයි. මේ අබේසේකරාරාමයට අල්ලපු ඉඩමේ ගොඩනැගිල්ලක මගේ කාර්යාලය පවත්වාගෙන ගියා.

මහා මැතිවරණය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ මේ අබේසේකරාරාමයට පැමිණ ආශිර්වාද ලබා ගනිමු කියලා මගේ මව කිව්වා. ඒ අනුව මෙම විහාරස්ථානයට පැමිණ අපවත්වී වදාළ නායක ස්වාමින් වහන්සේ මුණ ගැසී මල් පූජා කර මෙම බෝධින් වහන්සේ අභියස බෝධි පූජාවක් සිදු කර මම ආශිර්වාද ලබා ගත්තා. මා ලැබු මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මගේ දේශපාලන ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කළේ මෙම ස්ථානයෙන්. එම දේශපාලන ගමන අද මම ජනාධිපති ධූරය දක්වා පැමිණ තිබෙනවා. මා ජනාධිපති ධූරයට පැමිණයේ අලුත් විදිහකටයි. ආණ්ඩුව කඩා වැටිලා, එය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක මම එම වගකීම භාරගත්තා.

මම රට භාරගත්තේ එදා රටේ ආර්ථිකය විනාශ වී තිබුණ නිසයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. එම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපට මේ රට නැති වෙනවා. ඒ නිසා මේ රට බේරගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු නිසා වගේම එය කළ හැකි බවට වූ විශ්වාසයක් මා තුළ තිබු නිසා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

දැන් වසර දෙකක් ගත වී තිබෙනවා. අද අප නැවත ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා සිටිනවා. අද අග හිගකම් නැහැ. නමුත් ආර්ථිකයක් නැවත ගොඩනැගීමේ දී මතුවන ප්‍රශ්නවලට අපට මුහුණදීමට සිදු වෙලා තිබනෙවා. දැන් අප එම තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ බංකොලොත් වූ ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්ව තිබෙන බව මා ස්විට්සර්ලන්තයේ සංචාරයේදී ලෝක නායකයින්ට ප්‍රකාශ කළා. ඉතා කෙටි කාලයකින් අප ලබා ගත් ප්‍රගතිය පිළිබඳ එම බොහෝ දෙනෙක් පුදුමයට පත් වුණා. ලෝක බැංකුවේ ප්‍රධානියා වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂතුමිය සමග ද සාකච්ඡා පැවැත්වීමට මට එහිදි අවස්ථාව ලැබුණා. අපි ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් අපට ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට සිදු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි කණගාටුවෙන් වුවද වැට් එකතු කිරීමට අපට සිදු වෙලා තිබෙන්නේ. දැන් අපි සෘන ආර්ථිකයක් වෙනුවට ධන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිනවා.

ජනතාවට රැකියා ලබාදීමට නව කර්මාන්ත හා නව ආයෝජන අවස්ථා බිහි විය යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා. බියගම ආයෝජන කලාපය වැනි ආයෝජන කලාප රට පුරා ඇති කර රටේ ආර්ථික වේගය දස ගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
අප මෙහිදී බියගම උදාහරණයකට ගන්නවා. එදා මම මෙම බියගමට පැමිණෙද්දි මෙහි කිසිවක් නොතිබූ බව මම කළින් ප්‍රකාශ කළා. නමුත් විවෘත ආර්ථිකය සමග මෙම ප්‍රදේශය දියුණු කළ හැකි බව මම විශ්වාස කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු ආයෝජන කලාපය කටුනායක ආරම්භ කළා. ඒ කටුනායක දියුණු ප්‍රදේශයක් වී තිබු නිසා.

මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා දෙවන ආයෝජන කලාපය බියගමට දෙන්න කියලා. ඇතැම් අය කිව්වා බියගම දියුණු මදි එය වෙනත් ප්‍රදේශයකට දෙමු කියලා. අපේම අය කිව්වා මොකටද මේක ඉල්ලන්නේ මෙකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. නමුත් බියගම ආයෝජන කලාපය ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ වගේම මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තා.

මෙම තීරණ සමග එදා නොදියුණු පළාතක්ව පැවති බියගම අද වන විට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාපය බවට බියගම සහ කටුනායක ආයෝජන කලාප පත්ව තිබෙනවා. එදා මම බියගමට පැමිණෙන විට එහි පැවතියේ කර්මාන්ත ශාලා 15ක් පමණයි. අද කර්මාන්ත ශාලා 58ක් තිබෙනවා. ඊට අමතරව තවත් විශාල කර්මාන්ත ශාලා 180ක් සහ මධ්‍යම හා කුඩා කර්මාන්ත ශාලා 275ක් තිබෙනවා. අද විශාල ආර්ථිකයක් මෙහි ඇති වී තිබෙනවා. එදා කඩ සාප්පු 200ක් වත් තිබුණේ නැහැ. අද කඩ සාප්පු 4,227ක් තිබෙනවා. මේවායේ වැඩකරන අයට ආහාර පාන දෙන්න ආපනශාලා 597ක් තිබෙනවා. ඉලෙක්ට්‍රික් බඩු කඩ 316ක් තිබෙනවා. සංචාරක හෝටල් 02ක් තිබෙනවා. මෙහි සම්පූර්ණ ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා. බියගම දියුණුවත් සමග කැලණිය ද විශාල දියුණුවක් ලැබුවා.

එසේනම් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ බියගම. ඒ සමගම කැළණිය ඉදිරියට පැමිණියා. වැඩිකල් යාමට පෙර දළුගම, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමංඩිය, කඩවත විශාල ආර්ථික ප්‍රදේශයක් බවට පත් වෙනවා.

ඒ වගේම මෙම දියුණුව දිවයි‍නේ අනෙකුත් පළාත්වල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, උතුර ඒ සඳහා හදුනාගෙන තිබෙනවා. ඒ අනුව විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජාතික ආර්ථිකය දස ගුණයකින් වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය භානගල උපතිස්ස හිමියෝ,
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මහ ගෙදර සපුගස්කන්ද යි. එතුමගේ දේශපාලන මුල් භූමිය ලෙස මෙම ප්‍රදේශයෙන් දේශපාලනය ආරම්භ කර දේශපාලනයේ යා හැකි උපරිමය දක්වා අද එතුමා ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද එතුමා මෙම විහාරස්ථානයට පැමිණ සිටිනවා. මෙම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීමේ උත්සවය සඳහා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ රනිල් වික්‍රමසිංහ මහතාත් පැමිණියා. අද එතුමා ජනාධිපති වි බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට පැමිණ තිබෙනවා.

බියගම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ මෙහෙය කියා නිම කරන්නට බැහැ. නොදියුණු පළාතක්ව තිබුණු බියගම ආයෝජන කලාපයක් බවට පත්කර සමෘද්ධිමත්භාවයක් ඇති කළා. නව පාසල් ආරම්භ කර මෙහි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. බියගම ජනතාව තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට ආදරය කරනවා.

පූජ්‍ය තීනියාවල පාලිත නායක හිමිපාණන් වහනන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති Katsuki Kotaro, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්! ඕනෑවටත් වඩා වැඩි සීමාකිරීම් සහිත නව නීති මගින් ආයෝජන අධෛර්යමත් වී ඩිජිටල් ආර්ථිකය බිඳ වැටී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනයට බාධා ඇතිවෙන්න පුලුවන්! ආණ්ඩුව සම්මත කරගත් ඔන්ලයින් පනත ගැන අමෙරිකාවෙන් දැඩි නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියපු තෝරු මෝරු 10 දෙනා කව්ද? ඇයි මේකට උත්තර දෙන්නේ නැත්තේ? හාල්මැස්සෝ අල්ලලා ගජමිතුරන් ආරක්ෂා කරන්නේ ඇයි?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.